භාරතයේ විත්ති - 33 - "ඩබ්බාවාලා"



ඉන්දියාව කියන්නෙ මොන තරම් විශාල රටක්ද කියන එක මම අමුතුවෙන් ගෙන හැර පාන්න අවශ්‍ය නැහැනෙ... මේ විශාල රටේ සමහර නගර තියෙනවා හිතා ගන්න බැරි තරම් කාර්‍යය බහුල... මුම්බායි, දිල්ලි,චෙන්නයි,කල්කටා උදාහරණ කිහිපයක් විදිහට කියන්න පුලුවන්... මේ කාර්‍යය බහුල නගර වල ජීවත් වෙන ඇතැමුන්ට තමුන්ගෙ කෑම ටික කාර්‍යාලයට අරන් යන්න තරම්වත් ඉස්පාසුවක් නැති අවස්ථා ගොඩයි.. සමහරුන්ට ගෙදරක් නෑ.. ඉන්නෙ කුලියට ගත්ත පොඩිකාමර කෑලි වල.ඉතින් උයාගෙන කන්න තරම් පහසුකම් නෑ.. එක කාමරයේ 5-8ක් පමණ ඉන්න අවස්ථාත් තියෙනවා.. ඉතින් ඉන්දියාවේ සමහර නගර වල මේ කෑම ප්‍රශ්නෙට හොද උත්තරයක් තියෙනවා... ඒ තමයි ඩබ්බාවාලාස් .. ඉස්සරම මේ අයව ටිෆින්වාලාස් කියලත් හදුන්වලා තියෙනවා... හින්දියෙන් ඩබ්බා කියන්නෙ පෙට්ටියට... කෑම දාන පෙට්ටියෙ ඉදලා කුණු දාන පෙට්ටිය වෙනකල් ඩබ්බා තමයි... වාලා කියන්න පුද්ගලයෙක්ට.. ධාරකයෙක්ට.. පෙට්ටිය දරන්නා තමයි ඩබ්බාවාලා කියන්නෙ... හැබැයි කෑම පෙට්ටි... ටිෆින්වාලා කිවුවම තව පැහැදිලියිනෙ.. ඒකට ඉංග්‍රීසියෙන් බහු වචන වලට පාවිච්චි කරන 'එස්' අකුරකුත් අගට දාලා තමයි වාලාස්/ඩබ්බාවාලාස්/ටිෆින්වාලාස් වෙලා තියෙන්නෙ....

ඩබ්බාවාලා වරුන්ගේ ආරම්භය සිද්ද වෙලා තියෙනවා කියන්නෙ 1890 දි විතර බොම්බයි (දැන් මුම්බයි) හිදී.. මහාදේවො හවාජි බච්චේ නම් පුද්ගලයා විසින් මෙය ආරම්භ කලා කියලා තමයි කියන්නෙ.. මේක ලන්ච් ඩිලිවරි සර්විස් එකක්... ආරම්භයේ දී පුද්ගලයන් සීයකට ආසන්න ප්‍රමාණයක් යොදාගෙන ආරම්භ කලා කියලා තමයි කියන්නෙ ... 

1930 දි මහාදේවෝ  මේ ඩබ්බාවාලා වරුන්ව එක්කාසුකරලා නිල වශයෙන් ලියාපදිංචි කරනවා...පුණ්‍යායතනයක් විදිහට ට්‍රස්ට් එකක් /පදනමක් ලියාපදිංචි කරනවා 'නූතන් බොම්බයි ටිෆින් බොක්ස් සප්ලයර්ස් ට්‍රස්ට්' කියලා... මේ ට්‍රස්ට් එක පුණ්‍ය හා වාණිජ දෙකාර්‍යයටම ලියාපදිංචි වන අතරෙ 1968 දී වාණිජමය පදනම 'බොම්බයි ටිෆින් බොක්ස් සප්ලයර්ස් ඇසෝසියේෂන්' නමින් ලියාපදිංචි වෙනවා..
ඉතිහාසය ගැන ඔය ඇති...

මෙව් ඩබ්බාවාලාස් යනු ඉතාම කාර්‍යක්ෂම පිරිසක්.. උදෑසනම ඔවුන් පෙර දින සැපයු කෑම වල හිස් පෙට්ටි එකතු කරනවා.. ඊලග පැය කිහිපයේදී දිවා ආහාරය සකසන හෝ සැකසූ තැන් වලින් එකතු කර ගන්නා (ගණුදෙණු කරුවන්ගේ නිවාස වලින්) ඔවුන් ගණුදෙණු කරුවන්ගේ සෙවා ස්ථාන වෙත ඒවා ප්‍රවාහනය කරනවා, හැමදාම දහවල් 1.00 වෙද්දි...පයින්, පාපැදි වලින් , මෝටර් බයිසිකල් වලින්, රික්ෂෝ වලින් ,දුම්රියෙන් ආදී ක්‍රම මගින්....
එක් ඩබ්බාවාලා කෙනෙක්ට නියමිත ප්‍රදේශයක් තියෙනවා.. ඔහු ඩිලිවරි කරන්නෙ ඒ ප්‍රදේශය තුලයි...
මොවුන්ට කොතරම් පිලිගැනීමක් තිබේද කියනවනම් පාරක මාර්ග තදබදයක් තිබියදී පවා ගිලන් රථ වලට  සහ ඩබ්බාවාලාස් ට ඉඩ දෙන්න පුරුදු වී තියෙනවා...මොවුන් වෙලාවට වැඩ කරන එක ගැන එතරම් ඇගයීමක් ලැබෙනවා සමාජයෙන්..

ලෝක ප්‍රකට Fedex කූරියර් සමාගමේ ඉන්නේ ඒ සම්බන්ධ විශේෂීකරණ්‍ය වුන වෘත්තීය වේදීන්.. ගණනය කිරීම් වලට අනුව මෙම වෘත්තිකයන්ගේ අතින් වැරදීමේ සම්භාවීතාවය 100000 ට 6 වතවක්... නමුත් ඉතිහාසය පුරාම ඩබ්බාවාලා ලට සිදු වුන් වැරදීම් අනුව ගණනය කලාම ඔවුන්ගේ වැරදීමේ සම්භාවීතාවය 600000 ට එකක් පමණ කියලා තමයි කියන්නෙ..
2010 වසරේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයෙන් කල අධ්‍යයනයකින් පසුව මොවුන්ව 'six sigma' ග්‍රේඩ් කරනවා...
දිනකට දල වශයෙන් 200000ක් පමණ ගණුදෙණු කාර පිරිසකට සේවය සපයන මොවුන් අතින් වසරකට වන ප්‍රමාද වීම් ගණන 400ක් පමණ අඩු අගයක් වෙනවා කියලා තමයි කියන්නෙ...
මෙම ක්ෂේත්‍රයේ පතාකයෙක් වන රිචර්ඩ් බ්‍රැන්සන් පවා මොවුන් සමග ගැවසෙමින්, අධ්‍යයනය කරමින් ඔවුන්ගේ රහස් ඉගෙන ගෙන තිබෙනවා... නිසි අධ්‍යාපනයක් නැති හෝ අඩු අධ්‍යාපනයක් ලද පුද්ගලයින් අතින් එතරම් කාර්‍යක්ෂම බවක් 👏👏👏👏
හදුනා ගැනීම සදහා අකුරු සහ අංක යොදා ගනිමින් සකස් කෙරුනු 'කෝඩ්' එකක් එක් එක් ගණුදෙනු කරුවන් වෙනුවෙන් භාවිතා වෙනවා...

ඒ වගෙම මේ අය අතරෙ ඉන්න පුලුවන් සේවාදායකයාගෙ නමවත් කියව ගන්න බැරි අය.. එහෙම අය සදහා යොදා ගන්නේ වර්ණ වලින් යුත් සංඛේතයක් .. ඒ ඒ සංඛේතය අනුව මේ පෙට්ටිය දෙන්න ඕනෙ කාටද කියලා ඔවුන් දන්නවා...
ඩබ්බාවාලාස් සෙවාව ලබා ගන්නා අය ඔවුන් කෙරෙහි අතිෂය පැහැදීමෙන් අවුරුදු ගාණක් තිස්සෙ ඔවුන්ගේ සේවාව ලබා ගන්නා අය... ඩිලිවරෝ, ඌබර් ඊට්ස් වගේ නොඑක් ඔන්ලයින් ඩිලිවරි ක්‍රම පාවිච්චි වෙන මේ කාලෙත් ඔවුන් විශ්වාස කරනවා අවුරුදු 125ක් පැරණි ඩබ්බාවාලාස් ක්‍රමය... එය කාර්‍යක්ෂමයි වගේම ලාභයි.. මාසෙකටම රුපියල් 800 ක් පමණ තමයි වෙන්නෙ...


මොවුන්ට පිලිගැනීම ලැබෙන්නෙ ඉන්දියාවෙ විතරක් නෙමේ..බ්‍රිතාන්‍යය රජ පවුලෙනුත්..

වතාවක් ඔටුන්න හිමි චාර්ල්ස් කුමාරයා මොවුන් හමුවීමට අවශ්‍ය වී වෙලාවක් ඉල්ලා සිටියත් ගණුදෙණුකරුවන්ගේ සේවාව සැපයීම වෙනුවෙන් එය කාරුණිකව ප්‍රතික්ෂේප කල බවත් කියවෙනවා.නමුත් පසුව ඔවුන් චර්ල්ස් කුමරු මුනගැහෙනවා, 2003 ඔහු ඉන්දිය සංචාරයක් අතරේදී..
 
ඒත් චාර්ල්ස් කුමාරයා ඔවුන් එක්ක උරණ වුනේ නෑ.. කැමිලා පාකර් සමග ඔහුගේ දෙවන විවාහයේදී විශේෂ ආරාධනා ලැබ බ්‍රිතාන්‍ය මාළිගයට පැමිණෙන්න  ඩබ්බාවාලාස් දෙදෙනෙකුට ආරාධනා ලැබෙනවා.. ඒ ගෞරවයට කෘත ගුණ සැළකීමක් ලෙස ඩබ්බාවාලා වරුන් විසින් මේගන් සහ හැරී යුවලගේ පුත් "ආචි ද වින්ඩ්සර් ඔෆ් මවුන්ට්බැට්න්" වෙත මහාරාශ්ඨ්‍ර  සම්ප්‍රදායට තැණුනු රිදී භාණ්ඩ කට්ටලයක් (හවඩියක්, පා සළඹක් හා අත් පළදනාවක්) තෑගි ලබා දීමට සූදානමින් ඉන්න බව කියවෙනවා... මෙගන් හා හැරි විවාහ වන අවස්ථාවේදී ඉන්දීය ක්‍රමයේ සාම්ප්‍රදායික මංගල ඇදුමක් ඔවුන්ට තැපෑලෙන් යැවීමටත් මොවුන් කටයුතු කර තිබුණා..  

මොවුන්ට වරදින එක් අවස්ථාවක් ගැන රස කතාවක් ලෙස ඉදිරිපත් වෙන ඉර්ෆාන් ඛාන් හා නිම්රත් කෞර් රංගනයෙන් දායක් වන  "The Lunch Box" සිනමාපටයෙන් කියවෙනවා..

ඉතින් මුම්බායි හි විශාල සේවයක් සිය ගැනුදෙණුකාරයන්ට සහ සෙවකයන්ට සලසන මෙම ඩබ්බාවාලා සංගමය ගැන කියන්න් බොහෝ දේ තිබ්බත් ලිපිය දික් ගැස්සෙන නිසා මෙතනින් නවතිනවා...

නැවත හමුවෙමු..

ප.ලි. 1960 දශකයේදී ලංකාවේත් මෙවන් ක්‍රමයක් පැවතී තිබෙණවා.


- අමිල-




4 comments:

  1. මේක බොහොම අපූරැ සිස්ටම් එකක්, මේ ගැන වාර්තාමය චිත්‍රපට කිහිපයක්ම පලල තියෙනව👌

    ReplyDelete
    Replies
    1. යූ ටියුබ් වීඩියෝස් බලලා තියෙනවා.. තව ටිකක් බලන්න ඕනෙ...ස්තූතියි!! :) :) :)

      Delete
  2. බ්ලොග් එකකට එකතු කරන එක වටිනවා මචං

    ReplyDelete

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters