The archive

Vietnam - 01 - "1847 - 1954 - setting the stage"



විඑට්නාම් රාජ්‍යයට පළමු වතාවට යුරෝපා ජාතියකින් ප්‍රහාරයක් එල්ල වන්නේ 1847 ප්‍රංශයෙනි.. ප්‍රංශුවන් විසින් 'ඩා නැංග්' වරායට පහර දී නැවු කිහිපයක් මූදු බත් කල අතර බලකොටු කිහිපයකුත් විනාශ කිරීමට කටයුතු කලා.. මෙම පහර දීමට හේතු වුනේ විඑට්නාම් වරුන් විසින් කතෝලික මිෂනාරීන් පිරිසක් අතඩංගුවට ගැනිමයි (පහර දෙන අවස්ථාවේ ඔවුන් නිදහස් කොට සිංගප්පූරුව වෙත පිටත් කර තිබුණා ).

(1859.02.17 -ස්පඤ්ඤ සහාය ලද ප්‍රංශ නාවුක හමුදා විසින් සෛගොන් වෙත පහර දීම. වයිස් අද්මිරාල් චාර්ල්ස් ඩි ගෙනොඉලි අණ දුන් අතර නැපෝලියන් 3 විසින් ක්‍රියාත්මක කරවන ලදී.)


විඑට්නාමයේ පසු රජ වරුන් කතෝලික ධර්මයට අනුග්‍රහය දැක්වීම,අග්නිදිග ආසියාවෙහි (Indochina) කතෝලික ධර්ම ප්‍රචාරයෙහි වර්ධණය යන කාරණා මත 1858 දී නැවතත් ප්‍රංශුවන් විඑට්නාමය ආක්‍රමණය කරනවා..

1861 දී ප්‍රංශය විසින් අග්නිදිග ආසියාවෙ දකුණු කොටස් හි සෛගොං සහ මෙකොං නදී ඩෙල්ටා ප්‍රදේශ අත්පත්කරගන්නා අතර එම ප්‍රදේශ කොචින්චයිනා නමින් හැදින්වීමට කටයුතු කලා. පසුව ඔවුන් මෙම ප්‍රදේශ වැඩි කරගැනීමය කටයුතු කල අතරම 1893 දී ප්‍රංශ ඉන්දුචීන එකමුතුව (French Indochinese Union) විසින් කොචින්චයිනා,කාම්බොජිආ සහ ලාඕස් ප්‍රදේශ එකතු කර විඑට්නාමයේ ප්‍රදේශ සමග එකතු කර 'Tonkin'(the far north) සහ ' 'Annam'(center ) ලෙස බෙදා පාලනය කිරීමට යෙදුනා...
දැඩි පාලනයක් මගින් විඑට්නාම් ජාතිකවාදීන්ට හිස නොඑසවීමට ඉඩ නොතැබීමට මෙකල ප්‍රංශය කටයුතු කලා..එසේ වුවත් වරින් වර පුද්ගලයන් සහ කණ්ඩායම් විසින් නිදහස් විඑට්නාමයක් වෙනුවෙන් ඉදිරිපත් වීම දක්නට ලැබුණා..Nguyen Ai Quoc ඉන් කෙනෙක්.ඔහු 1930 දී Indochinese communist party ආරම්භ කරනු ලබන අතර 1933 දී සෝවියට් සමූහාණ්ඩුවට ගොස් ක්ෂය රෝගය සදහා ප්‍රතිකාර ලබා සැගවී සිටීමට කටයුතු කරන්නේ ප්‍රංශ බලධාරීන්ට සැනසිල්ලක් ලබා දෙමින්.
1938 දී ඔහු චීන වාමාංශිකයන් සමග එක්ව චීන ජාතික රජය සහ ජපාන ආක්‍රමනිකයන් සමග ද සටන් කිරීමට යෙදුනා..
1940 දී ජර්මනිය විසින් ප්‍රංශය පරාජය කිරීම හමුවේ 1941 දී ජපානය විසින් Indochina යටත් කර ගැනීමට කටයුතු කරනවා..

                                                                          (Japanies soldiers in Vietnam)
 

Nguyen Ai දෙමසකට පෙර විඑට්නාමයට පැමිණ තිබුණේ විඑට්නාමය නිදහස් කර ගැනීමේ අළුත්ම සැළසුමක් සහ නව නමකින් යුතුවයි... ඔහුගේ නව නම නම් 'Ho Chi Minh - හෝ චි මිං ' ය..
1944 වනතෙක් මොවුන්ට ආයුධ අඩුපාඩු බොහෝ පැවතියත් ඔවුන් විසින් ක්‍රමාණුකූලව තොරතුරු ලබාදෙන්නන්ගේ සහා සැපයුම් කරුවන්ගේ ජාලයක් ගොඩ නගා ගැනීමට සමත් වෙනවා...
මේ අතට එක්සත්ජනපදය විසින් කොමියුනිස්ට් වාදීන් යනු ජර්මනියට,ඉතාලියට හා ජපානයට විරුද්ධ පාර්ෂව ලෙස හැදින්වීමත් සමගම හෝ චි මිං වෙත යුධ ආධාර දීමට කටයුතු කලා..1944 මාර්තු මස කුඩා ප්‍රමාණයේ යුධ ආධාර නැවක් පැමිණි අතර දෙසැම්බර් මසදී හෝ'ගේ පාර්ෂවයේ හිතවාදියෙක් වන Vo Nguyen Giap විසින් ජපානයට පහරදී පලා යාමක්(hit - and- run war සිදු කරනවා..

                                              (Ho Chi Minh)

1945 දී ජපානුවන් නිල වශයෙන් ඇමෙරිකාවට යටත් වන්නේ ටෝකියෝ බොක්කෙහි දීය..මේත් සමගම උතුරු විඑට්නාමයේ සිටි ජපානුවන් හෝ චි මිං ට යටත් වෙනවා..එදිනම හෝ' විසින් විඑට්නාමය ;විඑට්නාම් ප්‍රජාතාන්ත්‍රික ජනරජය (Democratic Republic of Vietnam ) නමින් නිදහස් ‍රටක් ලෙස ප්‍රකාශයට පත් කරනවා..
උත්සවශ්‍රීයෙන් විඑට්නාම් වැසියන් ඉදිරියේ නිදහස් ප්‍රකාශය කරන්නේ හැනෝයි හි දීය.
නිදහස් ප්‍රකාශනය ආරම්භ වන්නේ "All men are created equal .They are endowed by their creator with certain inalienable rights,among these are Life,Liberty and the pursuit of Happiness ..." මෙම චේදය 1776 දී එක්සත්ජනපදය නිදහස ප්‍රකාශ කරන අවස්ථාවේ සිදු කල ප්‍රකාශනයෙන් උපුටා ගන්නා ලද්දක්..

(Declaration of Vietnam independence)

සති තුනකට පසුව බ්‍රිතාන්‍යය සහාය ලද ප්‍රංශුවන් සෛගොන් ප්‍රදේශය ඔවුන්වෙත ඉල්ලා සිටීමත් සමගම විඑට්නාම් යුද්ධයට වේදිකාව සකස් වෙනවා...

එවක ඇ.එ.ජ. රාජ්‍ය ලේකලේකම් Dean Acheson යනු ජනපති වරු තිදෙනෙක්ට සේවය සැළසූ හසල අත්දැකීම් සම්භාරයකින් යුතු වුන රාජ්‍ය තාන්ත්‍රිකයෙක්.

                           (U.S. State secretary Dean Acheson)

මොහු හැරී.එස්.ටෲමන් ජනපති යටතේද රාජ්‍ය ලේකම් තනතුර හෙබවූවා. මොහු වෙත විඑට්නාම් ජනපති හෝ'විසින් විදුලි පණිවුඩ ගණනාවක් එවමින් ඉල්ලා සිටියේ ප්‍රංශයට සහ බ්‍රිතාන්‍යයට විරුද්ධව ඔවුන්ට සහාය ලබා දෙන ලෙසයි. එහෙත් Acheson ගේ උපදෙස් ඉවත ලන ජනපති ටෲමන් ප්‍රංශයට හා බ්‍රිතාන්‍යයට සහාය ලබා දීමට ඉදිරිපත් වීමට් සමග හෝ' චීනයේ සහ සෝවියට් සමූහාණ්ඩුවේ ආයුධ, පුහුණු හා උපදෙස් ආධාර ලබාගැනීමට පෙළඹෙනවා.. 

                              (President Harris S.Trueman )

ප්‍රංශ හමුදාවේ මොරොක්කානුවන්,ඇල්ජීරියානුවන්,
අප්‍රිකානුවන් සහ ප්‍රංශයට සහාය පල කල විඑට්නාම් සෙබලුන්ද අඩංගු වුනා..
 




- පසුවට -
අමිල



at March 27, 2019 No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: Vietnam war

හිම ගිරෙහි සැඟවී ගත්තෝ...





වාර්තා වන අන්දමට කාලාන්තරයක් තිස්සේ එවරස්ට් මුදුන තරණය කිරීමට උත්සාහ ගත් පුද්ගලයන් 300 කට ආසන්න ප්‍රමාණයක් ගමන අතර මගදී විවිධ හේතු කරණකොටගෙන මිය ගොස් තිබෙනවා...මෙම පුද්ගලයන්ගෙන් වැඩි ප්‍රමාණයකගේ  සිරුරු ඝණ හිම තට්ටු වලින් වැසී තවමත් කඳු වැටි අතරම පවතිනවා...

මේ වන විට ගෝලීය උෂ්ණත්වය අධික වීම හේතුකොටගෙන හිමාලය කලාපයේ ග්ලැසියර දියවීම කරණකොටගෙන මෙසේ හිමෙහි සැඟවීගත් මල සිරුරු විශාල ප්‍රමාණයක් මතු වෙමින් පවතිනවා..නේපාල කඳු නගින්නන්ගේ සංවිධානයේ හිටපු සභාපති අන්ග් ට්ෂෙරිංග් ෂෙර්පා පවසන අන්දමට මෙය මේ වන විට පෙර පැවති තත්ත්වයට වඩා අධික බවක් පෙන්නුම් කරනවා...ඔහුට අනුව මෑත වර්ෂ වලදී මිය ගිය අයගේ යැයි සිතිය හැකි පිරිසකගේ මල සිරුරු ඔවුන් විසින් පහලට ගෙන ආවත් පැරණි සිරුරු තවමත් කඳු මුදුන්හිම පවතිනවා..නේපාල රාජ්‍ය නිලධාරියෙක් ප්‍රකාශ කල අන්දමට ඔහු විසින් 10 කට ආසන්න මල සිරුරු ප්‍රමාණයක් මතු කරගෙන තිබෙනවා..



කඳු තරණ සංවිධායකයන්ගේ සංගමයේ නිලධාරීන්ට අනුව නේපාල රජයේ නීති රීති හේතු කොට ගෙන මල සිරුරු පහලට රැගෙන ඒම තවත් දුෂ්කර වී තිබෙනවා...එරට නීති වලට අනුව රජයේ මැදිහත් වීමකින් තොරව මල සිරුරු සම්බන්ධ ක්‍රියාවන් කල නොහැකියි...ඔවුන්ට අනුව එවරස්ට් හි ටිබෙට් පාර්ශවයේ මල සිරුරු නේපාලයට සාපේක්ශව පහසුවෙන් පහලට ගෙන ඒමට හැකිය.
ඔවුන්ට අනුව කුම්භු ග්ලැසියරයේ වැඩිම මල සිරුරු ප්‍රමාණයක් තිබෙනවා..
                 
                   (කුම්භු ග්ලැසියරය)




මල සිරුරු මතු වීමට අමතරව ග්ලැසියර දියවීම හේතුවෙන් ඇති වී ඇති තවත් ගැටලුවක් වන්නේ හිම මත පිහිටි විල් වල ජලය වැඩි වීම සහ විල් විශාල වීමයි...මේ හෙතුවෙන් කඳු තරණය කරන්නන්ට මෙම විල් හරහා යාම තව තවත් දුෂ්කර කටයුත්තක් වෙමින් පවතිනවා..
 2016 දී නේපාල හමුදාව විසින් ඉම්ජා නමින් හඳුන්වන විල හින්දවීමට කටයුතු කලේ ග්ලැසියර දියවීමත් සමග එහි රැස්වන ජලය අධික වීමත් එය අනතුරු දායක වීමත් හේතුවෙන්..
පසුගිය වසරේදී බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාල දෙකක පර්යේෂකයන් පිරිසක් කුම්භු ග්ලැසියරය විද සිදු කල පර්යේෂණයෙන් හෙලි වුනේ ග්ලැසියරයේ තිබිය යුතු උෂ්ණත්වයට වඩා අධික උෂ්ණත්වයක් දැනට එහි පවතින බවත් මේ හේතුව නිසා එය ඉක්මනින් දිය වී යාමේ අවධාණමක් ඇති බවත් ය..


කුම්භු ග්ලැසියරය ආශ්‍රිතව අවධානම වැඩි වුනත්, එහි මල සිරුරු ප්‍රමාණය වැඩි වුනත් කඳු තරණය කරන්නන් වැඩි පිරිසක් ඒ හරහා යාම මේ වන විටත් සිදු කරනවා... කිව යුතු කාරණය නම් වර්ෂ ගණනාවක් තිස්සේ මොවුන් ඇතැම් මල සිරුරු මග සළකුණු ලෙස යොදා ගැනීමයි.. Summit     අසල පිහිටි Green Boot   එවන් එක මග සළකුණක්.

(Green Boot)

කඳු තරණය කරන අතර මිය ගිය තැනැත්තෙක්ගේ පාද වල තවමත් දක්නට ලැබෙන කොල පාට සපත්තු දෙක මෙසේ මං  සලකුණු කරනවා...
මල සිරුරු පහලට ගෙන ඒමට ඇති අනිත් බාධාව නම් අධික පිරිවැයයි... ඇස්තමේන්තු වලට අනුව එය ඇ.ඩො.40,000 - 80,000 ක් පමණ වෙනවා...අනිත් කාරණය නම් සීතලින් ගල් ගැසී ඇති මල සිරුරු දෙතුන් ගුණයකින් බර වැඩි වීමයි..

එම නිසා බොහෝ දෙනා පවසන්නේ ඔවුන්ගේ පවුල් වල උදවියට අවශ්‍යනම් හෝ වෙනත් අත්‍යාවශ්‍ය හීතුවකට මල සිරුරු ඉවත් කලහොත් මිසක ඔවුන්ට හිමගිරෙහිම සමාදානයේ සැතපීමට ඉඩ හැරීම මැනවැයි යන්නයි...

- අමිල -
at March 26, 2019 No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: විවිධ, සංචරණය

කොළඹ වීදියකදී.....20 - ඇල දොල ගංගා යාවි ගලා


පාරු පාළමෙන් කොළඹට ගැල් පේලිය සැපත් වුනා.... ඒ ගැන මම මීට කලින් ;මෙම ලිපි මාලාවේ දෙවැන්නෙදි  කිවුවා..

 https://thearchive123.blogspot.com/search?q=%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B7%85%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B6%A7+


අද කොළඹ තුළට පිවිසෙන්න..ඉන් පිටත් වන්න සහ කොළඹ තුළ සහ ඉන් පිටතට මගී හා භාණ්ඩ ප්‍රවාහනය සදහා තිබෙන ප්‍රධානම ක්‍රමය වන්නෙ මහා මාර්හ හෝ දුම්රිය මාර්ග...නමුත් අදින් දශක කිහිපයකට පෙර මෙම කාර්‍යය සදහා කොළඹ තුල සහ කොළඹින් පිටත ආරම්භ වී කොළඹ ට ඇතුළු වන ඇල මාර්ග වලින් විශාල කාර්‍යය භාරයක් ඉටු කලා...එම ඇල මාර්ග සමහරක් මේ වන විට වසා දමා හෝ මාර්ගය වෙනස් කර වෙනත් ඇලවල් හෝ ගංගා සමග සම්බන්ධ කර තිබුණත් කිහිපයක් අද වන විටත් දකින්න පුලුවන්.. මේ කතා කරන්නෙ ඉන් ප්‍රධාන ඒවා කිහිපයක් ගැන...

1. ලන්දේසි ඇල නොහොත් හැමිල්ටන් ඇල...

කිලෝ මීටර 14.5 ක් දිග හැමිල්ටන්     ඇල කොළඹත් පුත්තලමත් මීගමුව හරහා යා කරන ඇල මාර්ගයක්..
මෙම ඇල මාර්ගයේ ඉතිහාසය බැලුවොත් කෝට්ටේ හයවන වීර පරාක්‍රමබාහු (ක්‍රි.ව 1477-1466)රජ දවස වන තෙක් දිවෙනවා..එතුමා කොළඹ හා පිට පළාත් සම්බන්ධ කරමින් ඇල මාර්ග තැනවූයේ මූලිකවම කුරුදු ,පුවක්, එනසාල් ,ලුණු වැනි දෑ කොළඹ තුලට ප්‍රවාහනය කරවීමටයි... කෝට්ටේ රාජධානියට අයත් වුණ ප්‍රදේශයේ ප්‍රධානම මූදු තොට වුණ මීගමුව ට වෙළද භාණ්ඩ ප්‍රවාහනය පහසු කර ගැනීමටත් එය උපකාර වුනා...
ලන්දේසි පාලන සමයේදී මෙම මුල්කාලීන ඇල මාර්ග අවශ්‍ය තැන් වල වේලි පවා ඉදි කරමින් විධිමත් සැළසුමකට අනුව සංවර්ධනය කලා..ඔවුන් හැදල සිට පමුණුගමට නව ඇල මාර්ගයකුත් ඉදි කිරීම සිදුකලා..මෙම සංවර්ධනයේ ප්‍රධානම අංගයක් වුනේ ලන්දේසි ඇල සංවර්ධනයයි..
බ්‍රිතාන්‍ය පාලන සමයේ 1802 දී එවක මිනුම්පති වූ  ජෝර්ජ් ඇට්කින්සන් සහ ආණ්ඩුකාර වර ගාවින් හැමිල්ටන්ගේ එකමුතුවෙන් නව මීගමු ඇල ඉදි වුනා..මෙය උතුරින් දෙසින් පුත්තලම් කලපුවෙන් ආරම්භව විවිධ නම් වලින් හැදින්වෙන ඇල මාර්ගලෙස පැමිණ  මීගමුවෙන් මුහුදට වැටෙන මහ ඔයට එකතු වී නැවත මහ ඔයේ දකුණු පස ඉවුරෙන් ආරම්භව පැමිණ දකුණු දෙසින් මීගමුව කලපුවට වැටෙනවා..
එතැන් සිට පෙර කී ලන්දේසි ඇල වර්තමානයේ නැවතත් හැමිල්ටන් ඇල නමින්ම මීගමුව කලපුවෙන් දකුණු ඉවුරෙන් ආරම්භ වී පමුණුගම,උස්වැටකෙයියාව හරහා මුතුරාජ වෙල වගුරුබිම උඩින් මුහුදට කිට්ටුවෙන් විත් හැදල ප්‍රදේශයේදි තරමක් රට අභ්‍යන්තරයට ගොස්, මීගමු පාරට සමාන්තරව විත් වත්තල හේකිත්ත ප්‍රදේශයේදි මට්ටක්කුලිය පාළම අසලින් කැලණි ගගට වැටෙනවා..

ආණ්ඩුකාරවර ගාවින් හැමිල්ටන් ට ගෞරවයක් ලෙස ඔවුන් මෙය හැමිල්ටන් ඇල නමින් හදුන්වනවා..භාණ්ඩ හා මගී ප්‍රවාහනයට මෙම ඇල මාර්ගයෙන් සිදු වුනේ සුළුපටු සේවයක් නොවේ..අදටත් මෙම ඇල මාර්ගයේනම් ප්‍රවාහන කටයුතු සිදු වනවා සහ සුලු වශයෙන් සංචාරක කටයුතු වලටත් යොදා ගන්නවා..


2. සාන්ත බස්තියං ඇල නොහොත් සෙබස්තියන් ඇල 

මෙම ඇල කැළණි ගගේ අලුත් පාළමත් , පරණ පාළමත් අතර මැද ප්‍රදේශයක දී නාගලගං වීදිය අසලින් ආරම්භ වී ....

නාගලගංවීදියට දකුණු පසින් සමාන්තරව විත් කැළණිතිස්ස බලාගාරය අසලින් අලුත් පාළම පාර යටින් ගොස් ඉන් තරමක්‍ රට ඇතුළට ගොස් ග්‍රෑන්ඩ්පාස්,නවගම්පුර, දෙමටගොඩ,මාලිගාවත්ත ප්‍රදේශ හරහා විත් ආමර්වීදිය/සංඝරාජ මාවත හරහා ගොස් වම් පසින් මීරානියා වීදියට සමාන්තරව තරමක් දුර ගොස් සාංචිආරච්චි වත්ත,අධිකරණ මාවත හරහා විත් මරදාන පාරද පසුකොට මරදාන තාක්ෂණ විද්‍යාලය පිටුපසින් විත් කෙසෙල්වත්තේදි ඕල්කොට් මාවත යටින් ගොස් වර්තමානයේ බස්තියන් බස් නැවතුම්පොලට පසෙකින් ගොස් (ෆ්ලෝටිං මාකට් ප්‍රදේශය) කොටුව දුම්රිය ස්ථානයට තරමක් මෙහායින් දුම්රිය මාර්ගය හා ඩී ආර්. විජේවර්ධන පාර හරහා ගොස් බේරේ වැවට එකතු වෙනවා...කොළඹ නගර අභ්‍යන්තරයෙන් ආරම්භව එහිම අවසන් වන දිගම ඇල මාර්ගය වන්නේ සෙබස්තියන් ඇලයි..
2014 - 2016 කාලයේදී මෙම ඇල මාර්ගය පිරිසිදු කිරීම් කටයුතු කෙරුනත් මේ වන විට ඒවා දක්නට ලැබෙන්නෙ නෑ..

3.  නොරිස් ඇල (නොරිස් කැනල්)

නොරිස් ඇල බ්‍රිතාන්‍ය යුගයේදී ඉදි වන්නේ වර්ෂා කාලයේදි එකතුවන අධික ජල ප්‍රමාණය කොළඹින් පිට කර මුහුදට රැගෙන යමටයි..එය අරම්භ වන්නේ කේරි විද්‍ය්ලය අසල ප්‍රදේශයකින්... භූගතව දිවෙන ඇල මාර්ගයක් සේ එන නොරිස් ඇල 'නොරිස් කැනල් වීදිය' ප්‍රදේශයේදී අපට දැක ගන්න පුලුවන්.. රෝහල් චතුරස්‍රය තුල (ආසිරි සෙන්ට්‍රල් රෝහල ඉදිරිපස) නොරිස් කැනල් වීදියට සමාන්තරව පැමිණෙන මෙම ඇල  භූගතව හෙජස් කෝට් ගොඩනැගිල්ල වැනි ගොඩනැගිලි අසලින් ගොස් ඩීන්ස් පාර නොහොත් බද්දේගම විමලවංශ හිමි මාවත හරහා ගොස් ෆාමර්ස් ගොඩනැගිල්ල අසලින් නැවත මතු වෙනවා..ඉන් ඔබ්බෙහි දී නැවත භූගතව ගොස් මරදානේදී නගරසභා වැඩබිම අසලින් (සහීරා විද්‍යාලයීය පිහිණුම් තටාකාංගණය අසල) ගාමිණී හෝල් අසලදී ඩාර්ලි පාර හරහා ගොස් සමාගම් මන්දිරය අසලදී නැවත මතු වෙනවා.. මතකද බලන්න සමාගම් මන්දිරය අසලින් ඇදෙන කුණු ගද ගහන කලුපාට වතුර පිරි ඇල... මෙය අද පටන් ගත් තැන සිට මුහුදට වැටෙන තෙක් අතර මග තිබෙන අප ජලය සියල්ලම රැගෙන එන නිසාමයි මෙතරම් දුගදක් එන්නෙ..
සමාගන් මන්දිරය ඉදිරිපසින් ඇදෙන ඇල ඉන් ඔබ්බෙහි ප්‍රවාහන අමාත්‍යාංශ භූමිය අසලින් ගොස්  නෙළුම් කුළුණ ආසන්න ප්‍රදේශයේදී බේරේ වැවට එකතු වෙනවා..

4.  දෙමටගොඩ ඇල

ගොතටුව ප්‍රදේශයේදී දියවන්නා ඔයෙන් පටං ගන්නා හීන් ඇලත් නාවල ප්‍රදේශයේදී කිරුලපන ඇලෙන් පටංගන්නා කිද ඇලත් යන ඇලවල් දෙක වැලිකඩ ප්‍රදේශයේදී එකතුවී දෙමටගොඩ ඇල නිර්මණය වෙනවා..එතැන් සිට කොලොන්නාව,මීතොටුමුල්ල,දෙමටගොඩ හරහා විත් දෙමටගොඩ දුම්රිය ස්ථානයත්, රේගු  සංකීර්ණයත් ,මිහිදු සෙන්පුර නිවාස සංකීර්ණයත් අතරින් විත් (කෝච්චියෙ යන එන අයට මතක් වුනා නේද ) ලාෆ්ස් එක කිට්ටුවදී බේස්ලයින් පාර හරහා ගිහින් සෙබස්තියන් ඇලට එකතු වෙනවා... වසර කිහිපයකට පෙර මෙය පිරිසිදු කිරීම් සිදු කර ඉවුරු ක්‍රමවත්ව සැකසීම සිදු කලත් මේ වන විට නැවතත් එය අපිරිසිදු ජල කදක් මුහුද කරා රැගෙන යමින් සිටිනවා..සහ වර්ෂා කාල වලදී අසල පිහිටි නිවාස බිම් වලටද කලු පැහැ ජලයෙන් යට වීමට සළස්වනවා...

හීන් ඇල සහ කිද ඇල ගැන වෙනම කියන්න යන්නෙ නෑ මම.

5.  කිරුලපන ඇල

දියවන්නා ඔයෙන් ආරම්භ වී දකුණු දෙසට ඇදෙන කොලොන්නාව ඇලෙන් කිරුලපන ඇල පටං ගන්නවා..ඒ කෝට්ටේ ප්‍රදේශයේදියි...එතැන් සිට නාවල, කිරුලපන හරහා එන මෙම ඇලෙන් කිරිමන්ඩල මාවත අසලදී කිද ඇල පටං ගන්නවා..මෙසේ ඉදිරියට ඇදෙන කිරුලපන ඇල නාරාහේන්පිට ප්‍රදේශයේදී බේස්ලයින් පාර හරහා ගොස් ලුම්බිනි විද්‍යාලය අසලදී විද්‍යාලයට හා හැව්ලොක් සිටි සංකීර්ණය අසලදී හැව්ලොක් පාර හරහා ගොස් ශාන්තපීතර විද්‍යලය අසලින් ඩුප්ලිකේෂන් පාර හරහා ගොස් සැවෝයි සිනමාශාලාව අසලදී ගාලුපාර හරහා ගොස් වැල්ලවත්තේදි මුහුදට වැටෙනවා..
කොළඹ දී මුහුදට වැටෙන ඇලවල් දෙකින් එකක් වන්නෙ මෙයයි...මන්ද යත් අන් සියලුම ඇල මාර්ග තවත් ඇල මාර්ගයකින් ,ගගකින් හෝ බේරේ වැවෙන් අවසන් වන බැවිනි..



6. දෙහිවල ඇල

වැල්ලවත්ත (කොළඹ 05) තලකොටුව උද්‍යානය ප්‍රදේශයේදි දෙහිවල ඇල පටංගන්නෙ කිරුලපන ඇලෙන්..එතැන් සිට හැව්ලොක් ටවුම පසුකරන් ඇදෙන ඇල කිරුලපන/පාමංකඩ දී හයිලෙවල් පාර හරහා ගොස් ස්ටැෆර්ඩ් මාවතට සමාන්තරව ගොස් වේළුවණාරාමය අසලදී හොරණ කොළඹ මාර්ගය (120 බස් මාර්ගය) හරහා ගොස් දෙහිවලට ඇතුළු වී ,දෙහිවල බුදු පිළිමය අසලදී ගාලු පාර හරහා ගොස් මුහුදට වැටෙනවා.. කොළඹදී මුහුදට වැටෙන දෙවන ඇල දෙහිවල ඇල වන අතර එය කොළඹ මහා නගර සභා බල ප්‍රදේශයේ දකුණු සීමාවයි .ඉන් පසු ඇරඹෙන්නේ දෙහිවල - ගල්කිස්ස මහා නගර සභා බල ප්‍රදේශයයි..

කොළඹ නගරය හරහා මෙම ප්‍රධාන ඇලවල් යාකරමින් තවත් කුඩා ඇලවල් රාශියක් තිබුණත් ඒ එකක් ගණනේ සදහන් කිරීමට අපහසුයි...
වර්තමානයේදි නිසි ප්‍රයෝජනයක් නොගන්නා මෙම ඇල මාර්ග සංවර්ධනය කර ප්‍රවාහන සහ සංචාරක කටයුතු වලට යොදා ගත හැකි බව නිසි බලධාරීන් නොසිතන්නේ මන්ද ...
විදේශයන්හි වෙසෙන අය සහ විදෙස් සිනමාපට නරඹන අය දැක ඇති එම නගර මැදින් ගලන අලංකාර ;දෙපස මනස්කාන්ත උද්‍යන, මල් ගස් වලින් ගැවසීගත් ඇල මාර්ග සහ ඒවායේ බෝට්ටු වලින් ගමන් ගන්නා මිනිසුන්...
අපට එවන් ඇල මාර්ග තිබියදීත් එසේ සංවර්ධනය කිරීමට කිසිවෙකුට නොසිතෙන්නේ අවාසනාවටමැයි...

මේ ඇලමාර්ග පසු කරන් ඔබ නිතර යන එනවා වුනත් ඒවා නොදන්නවා වන්න පුලුවන්..මෙම ලිපියෙන් පසු හෝ දැනුවත් වෙනවානම්, ඒවා දුටු විට හදුන ගන්න පුලුවන් වෙනවා නම් මගේ කාර්‍යයෙන් කොටසක් හෝ සම්පූර්ණ බව සිතමි...🙏

කොළඹ වීදියකදී නැවත හමුවෙමු

- අමිල -





at March 17, 2019 1 comment:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: කොළඹ වීදියක දී

ගීයෙන් කියවෙන සත්‍ය කතා ....03 ... Elton John - "Candle in the wind"


මේ ලේබලයේ මේ වෙනකල් ලිපි දෙකයි ලිවුවෙ...අන්තිම එක ලියලා තියෙන්නෙත් අවුරුද්දකටත් කලින්, 31.12.2017..විවිධ මාතෘකා යටතේ ලිපි ලියපු නිසා සමහර මාතෘකා මැදදි එහෙම පිටින්ම අමතක වෙලා යනවා... ආපහු ඒවා කන්ටිනියු කරන්න තමයි උත්සාහය...

                                          **************************************

1962 අගෝස්තු 05 දින ගෘහ සේවිකාවක් වුන යුනීස් මරේ මහත්මිය සිය ස්වාමි දුව ගේ;ලොස් ඇන්ජලීස් හි පිහිටි සුපිරි  නිවසේ රැය පහන් කරන්න හිතුවේ තනි කමෙන් ඉන්න ස්වාමිදුවගේ හිත ටිකක් හරි සැනසෙන්න කතා බහ කරමින් ඉන්න..රාත්‍රියේදි මේ දෙදෙනාම තම තමුන්ගේ කාමර වලට යන්නේ නිදා ගන්න.. අගෝස්තු 6 දින පාන්දර 3.00 ට පමණ අවදිවන යුනීස් මහත්මිය ස්වාමිදුවගේ කාමරය ගාවට ගිහින් බලන්නේ ඇය හොඳින් ඉන්නවාද කියලා..ඒ මොකද කියනවනම් ස්වාමිදුවගේ හැසිරීම ගැන යුනීස් මහත්මියතරමක් සැකයෙන් හිටි නිසා.. වරක් දෙවරක් ස්වාමිදුවට කතා කලත් කාමරයෙන් ප්‍රතිචාරයක් ලැබුණෙ නෑ..ද්‍රට යටින් කාමරය තුළ දැල්වෙන විදුලි පහන් එලිය ඇය දුටුවා..කිහිපවරක්ම ඇමතුවත් ප්‍රතිචාර නොලදින් ඇය දොර අරින්න උත්සාහ කලත් එය ඇතුළතින් වසා අගූ ලා තිබුණ නිසා ඇරගන්න බැරි වෙනවා..ඉයුනීස් ම්හත්මිය වහාම සිය ස්වාමිදුවගේ පෞද්ගලික වෛද්‍ය වරයා අමතා සිද්ධිය දන්වා සිටිනවා..වෛද්‍ය රල්ෆ් ග්‍රීන්සන් වහාම එ නිවසට පැමිණ අදාල කාමරයේ පිටතින් පිහිටි වීදුරු ජනේලය බිඳ කාමරයට ඇතුළු වෙනවා,...ඔහු දකින්නේ ඇඳ උඩ මියගොස් සිටි ඉයුනීස් මහත්මියගේ ස්වාමි දුවයි..ඔහුගේ දැනුම්දීමෙන් වෛද්‍ය හය්මන් එන්ගබර්ග් ද පාන්දර 3.50 ට පමන එම නිවසට පැමිණෙනවා..පසුව ඔවුන් පාන්දර 4.25 ට පමණ ලොස් ඇන්ජලීස් ප්පොලිස් දෙපාර්තමේන්තුව දැනුවත් කරනවා ඇගේ මරනය සම්බන්ධයෙන්...

මරණයට හේතු වී තිබුණේ ඇක්‍යුට් බාබිචුරේට් නම් ඖෂධය අධිමාත්‍රාවෙන් පානය කර තිබීමයි..

ඇගේ මරණයෙන් කලඹුනේ යුනීස් මහත්මිය පමණක් නොව මුළුමහත් හොලිවුඩ් සිනමා රසිකයනුත් සහ ලොව පුරා විසිර සිටි ඇගේ රසිඅ රසිකාවියනුත්ය.... මන්ද යත් ඇය හොලිවුඩයේ නම රැන්දූ නිලි රැජිණ වූ
බැවිනි...




ඇය අවසාන කාලයේ  විවිධ මානසික අසංකූලතා රැසකට ලක්ව තිබුණ බව ලොස් ඇන්ජලීස් පොලිසිය හමුවේ සාක්ෂි ලබා දුන් වෛද්‍ය වරු පවසා සිටිනවා..අවසාන කාලයේදී කිහිප වරක්ම විවිධ ඖෂධ වර්ග අධිමාත්‍රාවෙන් භාවිත කිරීම ඇය විසින් සිදු කලත් එය මරණයෙන් අවසන් වූයේ 1962 අගෝස්තු 6 වනදායි.
ඇගේ මරණය මාස කිහිපයක් යන තෙක්ම පත්තර වල ප්‍රධාන මාතෘකාව බවට පත්වන අතර ඇගේ මරණයෙන් පසු මාසයක් තුළ ලොස් ඇන්ජලීස් පොලිස් වසම තුළ සියදිවි හානි කර ගැනීම් බහුඅව වාර්තා වුනේ ඇගේ රසිකයන් සියදිවි හානි කර ගැනීම හේතුවෙනි..



1973 දී ලෝක ප්‍රකට ගායක එල්ටන් ජෝන්ස් විසින් සහ බර්නි ටෝපින් විසින් කැන්ඩ්ල් ඉන් ද වින්ඩ් රචනා වන්නේ සහ එල්ටන් ජෝන් විසින් එය ගායනා කරන්නේ ඇය වෙනුවෙනි.....මෙම ගීය අතිෂය ජනප්‍රිය එකක් බවට පත් වන්නේ ඇයට ආදරය කල රසිකයන් නිසාමයි..

ගීය ආරම්භ වන්නේ ඇගේ මුල් නමින් වන අතර අවසාන වන්නේ සිනමාවේදි ඈ භාවිතා කල නමෙනි... කවුද ඈ..    නෝර්මා ජීන් නොහොත් මරිලින් මොන්රෝ ය...

                                                              "....Goodbye Norma Jean...."




1997 ඩයනා කුමරිය මියගිය අවස්තාවේදීද එල්ටන් මෙම ගීය ගායනා කරන අයුරු රූපවාහිනියෙන් නැරඹූ හැටි මට මතකයි....


Lyrics


Goodbye Norma Jean
Though I never knew you at all
You had the grace to hold yourself
While those around you crawled
They crawled out of the woodwork
And they whispered into your brain
They set you on the treadmill
And they made you change your name
And it seems to me you lived your life
Like a candle in the wind
Never knowing who to cling to
When the rain set in
And I would have liked to have known you
But I was just a kid
Your candle burned out long before
Your legend ever did
Loneliness was tough
The toughest role you ever played
Hollywood created a superstar
And pain was the price you paid
Even when you died
Oh the press still hounded you
All the papers had to say
Was that Marilyn was found in the nude
And it seems to me you lived your life
Like a candle in the wind
Never knowing who to cling to
When the rain set in
And I would have liked to have known you
But I was just a kid
Your candle burned out long before
Your legend ever did
Goodbye Norma Jean
Though I never knew you at all
You had the grace to hold yourself
While those around you crawled
Goodbye Norma Jean
From the young man in the twenty second row
Who sees you as something more than sexual
More than just our Marilyn Monroe
And it seems to me you lived your life
Like a candle in the wind
Never knowing who to cling to
When the rain set in
And I would have liked to have known you
But I was just a kid
Your candle burned out long before
Your legend ever did
Your candle burned out long before
Your legend ever did



නැවත හමුවෙමු

- අමිල - 


Gallery






at March 12, 2019 No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: ගීයෙන් කියවෙන සත්‍ය කතා
Newer Posts Older Posts Home
Subscribe to: Posts (Atom)

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters

  • ගබං ගේ රාජ්‍යය.......
    නුවර පාර දිගේ නුවරට යනකොට කඩවත හන්දියෙන් වම් පැත්තට උඩහට යන ගණේමුල්ල පාරෙන් ගණේමුල්ලට වෙනකල් ගිහිං තියෙන්නෙ හෝ යන්නෙ කවුද?.. එහෙනං ඒ අ...
  • දෙවියන්ගේ ගීතයෙන් (from Bhagavad Gita ) - 01
    "ධර්ම් ක්ෂේත්‍රේ කුරුක්ෂේත්‍රේ සම්වේථා යුයුත්සවාහ් මමකාහ් පාණ්ඩවාස් ෂෛවා කිමකුර්වථ සඤ්ජය ....?!" මේ ලියන්න සූදානම් ව...

Total archive views

search the archive

  • Home

about curator

My photo
Amila Lakmal Aryan
View my complete profile

old archives...

  • ►  2021 (15)
    • ►  August 2021 (14)
    • ►  January 2021 (1)
  • ►  2020 (6)
    • ►  May 2020 (1)
    • ►  April 2020 (1)
    • ►  February 2020 (1)
    • ►  January 2020 (3)
  • ▼  2019 (62)
    • ►  December 2019 (4)
    • ►  November 2019 (9)
    • ►  October 2019 (6)
    • ►  September 2019 (3)
    • ►  August 2019 (9)
    • ►  July 2019 (5)
    • ►  June 2019 (6)
    • ►  May 2019 (6)
    • ▼  March 2019 (6)
      • Vietnam - 01 - "1847 - 1954 - setting the stage"
      • හිම ගිරෙහි සැඟවී ගත්තෝ...
      • කොළඹ වීදියකදී.....20 - ඇල දොල ගංගා යාවි ගලා
      • ගීයෙන් කියවෙන සත්‍ය කතා ....03 ... Elton John - "C...
      • කොළඹ වීදියකදී.....19- "පොන්නම්බලවානේශ්වරම්"
      • Cold blooded KILLINGS 02 (ii) - ඔලොෆ් පාම් (30.01....
    • ►  February 2019 (6)
    • ►  January 2019 (2)
  • ►  2018 (58)
    • ►  December 2018 (1)
    • ►  November 2018 (3)
    • ►  October 2018 (5)
    • ►  September 2018 (1)
    • ►  August 2018 (9)
    • ►  July 2018 (1)
    • ►  June 2018 (9)
    • ►  May 2018 (9)
    • ►  April 2018 (6)
    • ►  March 2018 (4)
    • ►  February 2018 (3)
    • ►  January 2018 (7)
  • ►  2017 (42)
    • ►  December 2017 (4)
    • ►  November 2017 (12)
    • ►  October 2017 (5)
    • ►  September 2017 (5)
    • ►  August 2017 (6)
    • ►  May 2017 (2)
    • ►  April 2017 (7)
    • ►  March 2017 (1)

archival stacks

  • 'හංගුක් දේශයේ කතා' (1)
  • Beyond reasonable doubt (24)
  • Cinema (20)
  • Cold blooded KILLINGS (3)
  • Life (2)
  • Literature (3)
  • Stotram (4)
  • Vietnam war (2)
  • අම්බලම (1)
  • කාඩ් කුට්ටමේ කතා (3)
  • කොළඹ වීදියක දී (22)
  • ගීයෙන් කියවෙන සත්‍ය කතා (4)
  • චාණක්‍යය (1)
  • දෙවියන්ගේ ගීතයෙන් (from Bhagavad Gita ) (5)
  • නගර (3)
  • බ්‍රෑන්ඩ් එකක කතාවක් (4)
  • භාරත විත්ති (47)
  • මලාවියේ සිට (2)
  • මිහිරී මතකයේ රැඳී (14)
  • විවිධ (12)
  • සංචරණය (14)
  • සහෝදර සමාගම් (3)

followers

popular archives.....

  • ගබං ගේ රාජ්‍යය.......
    නුවර පාර දිගේ නුවරට යනකොට කඩවත හන්දියෙන් වම් පැත්තට උඩහට යන ගණේමුල්ල පාරෙන් ගණේමුල්ලට වෙනකල් ගිහිං තියෙන්නෙ හෝ යන්නෙ කවුද?.. එහෙනං ඒ අ...
  • කාඩ් කුට්ටමේ කතා 01 - "කුට්ටමේ රජවරු"
    කාඩ් කුට්ටම නොදන්නෙ කවුද නේද.  බැලු බැල්මට ලොකුදෙයක් නෑ හරි ලේසි වගේ පෙනුණත් කාඩ් කුට්ටමක සංකේත, රූප,හා අංක තුළ හැංගිච්ච රහස් බොහොමය...
  • අම්බලම
    "මන්දාරමට උඩ කෙලිනා          වැහි ලේනි ගොනුගෙ කරේ බැන්දා වැනි      බර ගෝනී වෙල ලඟ අම්බලම කාටත්           පරවේණී මට තනි නැත උඹ...
  • දෙවියන්ගේ ගීතයෙන් (from Bhagavad Gita ) - 01
    "ධර්ම් ක්ෂේත්‍රේ කුරුක්ෂේත්‍රේ සම්වේථා යුයුත්සවාහ් මමකාහ් පාණ්ඩවාස් ෂෛවා කිමකුර්වථ සඤ්ජය ....?!" මේ ලියන්න සූදානම් ව...
  • ගීයෙන් කියවෙන සත්‍ය කතා ....04... "බිම්බරක් සෙනග ගැවසුණු"
      මේ මාතෘකාවෙ අවසාන ලිපිය ලියලා තියෙන්නෙ මාර්තු මාසෙ 12. මම ලියන්නෙ මොන මොන මාතෘකාවල් වලද කියලා දැන් මටම මතක නෑ.බ්ලොග් එකේ ඉහල පහ...
  • කාඩ් කුට්ටමේ කතන්දර - 02 - "Vrouw and Jack"
    පළවෙනි ලිපියට තිබ්බ ප්‍රතිචාරය නොසිතූ තරම්. ඒ නිසා දෙවනි එකත් ඉක්මනට දාන්න හිතුණා මගෙ අනිත් මාතෘකා පැත්තකට කරලා . කලින් එකේ රජවරු ...
  • භාරතයේ විත්ති - 39 - 'තාර්'
    තාර් යනු එළුවන් විශේෂයක් හඳුන්වන නාමයයි. මෙම එළුවන් බහුල වූ ප්‍රදේශයක් තමයි තාර් කාන්තාරය. උතුරු ඉන්දියාවේ රාජස්තාන්, පන්ජාබ්,ගුජරාත් ස...
  • ස්තෝත්‍ර 02 - ශිවතාණ්ඩව ස්තෝත්‍රය
    කලින් වතාවේ ගෙනාවෙ ශිවගේ බිරිය වන පාර්වතියගේ අවතාරයක් විසින් මහිෂාසුර මර්ධණය කිරීම සහ ඒ ඇසුරින් ඇගෙ බලසම්පන්න කම වර්ණනා කෙරෙන 'මහිෂාසු...
  • භාරතයේ විත්ති - 46 - ශුබ් මංගල් සාව්ධාන්!
    ඉන්දියාවෙ ලිපි පෙල කියවපු ගොඩ දෙනෙක් සැරින් සැරේ ඉන්බොක්ස් ඇවිත් කිවුවා ඉන්දීය විවාහ චාරිත්‍ර ගැන පුළුවන් නම් පැහැදිලි කිරීමක් කරන්න...
  • Beyond reasonable doubt, සාධාරණ සැකයෙන් ඔබ්බට…. – 02 – “Who shot him?…..මලා ජෝන් කොතලාවල…”
    https://www.facebook.com/groups/804276106323782/permalink/1507774459307273/?hc_location=ufi   (රූපය ආටිගල මුදලි තුමා…ආටිගල වලව්ව (කොල...

Report Abuse

Picture Window theme. Powered by Blogger.