ගීයෙන් කියවෙන සත්‍ය කතා ....01 ... Boney M - මා බේකර්


1970 හා 80 දශක වලදී ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත්ව සිටි බොනි එම් ගායක කණ්ඩායම විසින් සත්‍ය සිදුවීම් කිහිපයක්ම සිය ගායනයන්ට යොදා ගත්තා....

මා බේකර් ඉන් එකක්....
කේට් බේකර් නොහොත් මා බේකර් නොහොත් ඇරිසෝනා නොහොත් විවිධ ව්‍යාජ නම් වලින් හැඳින් වුන කාන්තාව 1873 ඔක්තෝබර් 8 දින එක්සත් ජනපදයේ මිසොරි හි දී උපත ලබනවා..

(Ma Baker) 
බේකර් පසු කලෙකදී වඩා ප්‍රචලිත වන්නේ සිය පුතුන් සමග එකතුව ඇති කරගත් අපරාධ කල්ලිය හේතුවෙනි...
මා බේකර්ගේ පුතුන් වුනේ
 
1. හර්මන් බේකර්
2. ලොයිඩ් බේකර්
3. ආතර් බේකර්
4. ෆ්‍රෙඩ් බේකර්

මා බේකර්ගේ පළමු සැමියා වුන ජෝජ් බේකර් විවිධ ස්ථීර නොවූ රැකියා කරමින් ජීවත් වුන අයෙක්. බේකර් යුවල සිය දරුවන්ගේ අධ්‍යාපනය ගැන උනන්දු නොවුන නිසා ඔවුන් උගත් කමක් නැති අපරාධ පිළිබඳව පමණක් උනන්දු වුන පුද්ගලයන් බවට පත් වුණා.
1910 දී හර්මන් බේකර් මංකොල්ලයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අතර පසුව මොවුන් විසින් දිගින් දිගටම සිදු කල මංකොල්ලකෑම් සහ මිණී හැරුම් ගණනාවකට පසුව 1927 දී පොලිස් ගැටීමකදී හර්මන් නීතියට හසුනොවී තමාම වෙඩි තබාගෙන මියයනවා.මිය යාමට පෙර ඔහු පොලිස් නිලධාරියෙකුගේ කටට වෙඩි තබා තිබෙනවා.

 1928 වන විට ජෝජ් සිය බිරිඳගේ සහ දරුවන්ගේ ක්‍රියාවන් පිළිබඳව දැඩි අප්‍රසාධයට පත්ව පවුලෙන් ඉවත් වෙනවා.මොහු අපරාධ වලට විරුද්ධ වුවත් ඉන් ලැබෙන මුදල් ලබා ගැනීම ප්‍රතික්ෂේප නොකල බව FBI ප්‍රකාශ කොට තිබුණා.
                                                                                                                                                                                 (Herman Baker)
1928 වන විටදී සිදු වූ තවත් දෙයක් නම් ලොයිඩ් ඔක්ලහෝමා හිරගෙදරත් ෆ්‍රෙඩ් කැන්සාස් හිර ගෙදරත් හිරබත් කමින් සිටීමයි.
සැමියෙක් නැති ව සහ පුතුන් සිරගතව සිටි මේ කාලයේ මා බේකර් ඉතාම අසීරු කාලයක් ගත කල බැවින් ඇය විවිධ පුද්ගලයන් ඇසුරු කිරීමට පෙළඹුනා.
මේ අතර රැකියා විරහිත පුද්ගලයෙක් වුන ආතර් ඩන්ලොප් සමග දීර්ඝ කාලීන සබඳතාවයක් ඇය විසින් ගොඩ නගා ගන්නවා.
1931 දී ෆ්‍රෙඩ් හිරෙන් නිදහස් වන අතර සිය හිර ගෙදර යහලුවෙක් වන "කාපීස්" සමග එකතුව "බේකර් කාපීස්" නමින් අපරාධ කල්ලියක් ගොඩ නගා ගන්න අතර මා බේකර් සහ ආතර් ඩන්ලොප්ද මෙහි සාමාජිකයන් වෙනවා.
මෙම කල්ලිය විසින් සිදු කල විවිධ අපරාධ ගණනාවක් නිසා මුලුමහත් එක්සත් ජනපදය පුරාම මොවුන් ප්‍රසිද්ධ වුන අතර සෑම තැනකම මොවුන්ගේ සේයා රුව රැගත් "Wanted" දැන්වීම් ප්‍රදර්ශණය වුණා.විවිධ අවස්ථා වලදී තොරතුරක් ලබා දෙන අයෙකුට ඩොලර් 100 සිට 1200 ක තෑගි මුදල් ද ප්‍රකාශ වුණා.
අපරාධ සැහෙන ප්‍රමාණයක් සිදු වෙන අතරේ 1931 දෙසැම්බර් 12 ෂෙරීෆ් සී.රෝයි (Sheriff  C. Roy) ඝාතනය බරපතලම සිදුවීමක් වුණ අතර මොවුන් වහාම පළාතෙන් පලායාමට කටයුතු කරනවා.
මේ කාලය වන විට මා බේකර් කේට් යන නමින් හැඳින් වුණා.

1932 දී හිරෙන් නිදහස් වන ආතර් බේකර් ද කල්ලියට එකතු වෙනවා.
මොවුන් එකල සිටි දූෂිත පොලිස් නිලධාරියෙක් වුණ තෝමස් බ්‍රවුන් සමග එක්ව විශාල බැංකු කොල්ලයක් කිරීමට සමත් වන අතර FBI වෙත දරුණු හිසරදයක් වීමටද සමත් වෙනවා.
 (Arthur Baker)                                                                                                                                               (Fred Baker)
මා බේකර්ගේ නව සැමියා ආතර් ඩන්ලොප් බීමත් වූ විට කට පාලනය කර ගත නොහැකි තැනැත්තෙක්. සෙන්ට් පෝල්හි සැඟවී සිටියදි මොවුන්ව හඳුනා ගත් පුද්ගලයෙක් විසින් පොලිසීයට ලබා දුන් තොරතුරක් මත මොවුන් වැටලූ අතර මොවුන් පලා යාමට සමත් වෙනවා.මෙසේ යන අතරදී ඩන්ලොප් විසින් කට වැරදීමෙන් යමක් ප්‍රකාශ කිරීම නිසා එසේ සිදු වූ
                                                                                                                                                   
 බව සිතූ මොවුන් ඔහු මරා දමන අතර නිරුවත් සිරුර විස්කොන්සින් හි වෙබ්ස්ටර් හි තිබී පසුව හමුවෙනවා.                

1933 දී සෙන්ට් පොල් හිදී කල්ලිය ධනවත් පුද්ගලයෙක් වුණ විලියම් හැම් පැහැර ගැනීමෙන් ඩොලර් 100'000 ක කප්පම් ආදායමක් ලබා ගැනීමට සමත් වන අතර මින් උද්දාමයට පත්ව දෙවන පැහැර ගැනීම ලෙස කල එඩ්වර්ඩ් බ්‍රෙමන් ගේ පැහැර ගැනීමෙන් ඩොලර් 200'000ක් කප්පම් ලෙස ලැබුවා.නමුත් මේ කාලය වන විට සීඝ්‍රයෙන් ජනප්‍රිය වෙමින් තිබුණු ඇඟිලි සළකුණු ක්‍රමය මගින් පොලිසිය මොවුන්ට විරුද්ධව සාක්ෂි විශාල ප්‍රමාණයක් රැස් කර ගන්නවා.
මේ අතර ඔත්තු කරුවෙකුගෙන් ලද තොරතුරකට අනුව ලේක් වෙයර් නමින් හැඳින්වුණ නිවසේ සැඟවී සිටි මෙම කල්ලිය ගැන තොරතුරක් Fඹෛ වෙත ලැබෙනවා. FBI  නිවස වටලන අතර ආතර් බේකර් ,කාපීස් සහ අනෙකුත් සාමාජිකයන් FBI මග හරිමින් පලා යාමට සමත් වන අතර ෆ්‍රෙඩ් සහ මා බේකර් පමණක් නිවසේ ඉතිරි වෙනවා..

(Lake Weir then)
වෙඩි නොවදින ඇඟලුම් ලාගත් නිලධාරියෙක් නිවස ඇතුලට පිවිසුන මුත් එහි කිසිවෙකු සිටින බවක් පෙනෙන්නට තිබුනේ නෑ.ඔහුට දකින්න ලැබුනේ කුමක්ද?....කුඩා කාමරයක තිබුණු මල සිරුරු දෙකක් .එකක් වෙඩි තුවාල කිහිපයක් තිබුණු ෆ්‍රෙඩ් බේකර් ගේ වුණ අතර අනික එක් වෙඩි තුවාළයක් සහිතව තිබුණ මා බේකර් ගේ සිරුරයි...මා බේකර් අතේ ටොමී ගන් නමැති ගිණි අවියක් තිබුණා.
මේ අනුව FBI උපකල්පනය කලේ මා බේකර් සිය පුතාට වෙඩි තබා තමාද වෙඩි තබාගෙන මිය ගොස් ඇති බවයි.



                                                                                       (Lake Weir now)
                                                                                                                                          
මල සිරුරු ප්‍රසිද්ධියේ තබා අයිති කරුවෙක්ට ඉදිරිපත් වන ලෙස කීවද කිසිවෙක් ඉදිරිපත් නොවූ බැවින් FBI විසින් 1935 ඔක්තෝබර් 01 දින ඔක්ලහෝමා හිදී හර්මන් බේකර් ගේ සිරුර වළ දැමූ ස්ථානයට නුදුරින් මා සහ ෆ්‍රෙඩ් බේකර් ගේ සිරුරුද වළ දැමීමට කටයුතු කලා.......

Boney M
Ma Baker lyrics

LYRICS

Freeze I'm ma Baker
Put your hands in the air and give me all your money

This is the story of ma Baker the meanest cat from old Chicago town

She was the meanest cat
In old Chicago town
She was the meanest cat
She really mowed them down
She had no heart at all
No no no heart at all
She was the meanest cat
For she was really tough
She left her husband flat
He wasn't tough enough
She took her boys along
'Cause they were mean and strong


Ma ma ma ma
Ma Baker
She taught her four sons
Ma ma ma ma
Ma Baker
To handle their guns
Ma ma ma ma
Ma Baker
She never could cry
Ma ma ma ma
Ma Baker
But she knew how to die

They left a trail of crime
Across the USA
And when one boy was killed
She really made them pay
She had no heart at all
No no no heart at all

Ma ma ma ma
Ma Baker
She taught her four sons
Ma ma ma ma
Ma Baker
To handle their guns
Ma ma ma ma
Ma Baker
She never could cry
Ma ma ma ma
Ma Baker
But she knew how to die

She met a man she liked
She thought she'd stay with him
One day he informed on them
They did away with him
She didn't care at all
Just didn't care at all

Here is a special bulletin
Ma Baker is the FBI's most wanted woman
Her photo is hanging on every post office wall
If you have any information about this woman
Please contact the nearest police station

Don't anybody move the money or your lives
One day they robbed a bank
It was last foray
The cops appeared to soon
They couldn't get away
With all the loot they had
It made them mighty mad
And so they shot it out
Ma Baker and her sons
They didn't want to hang
They died with blazing guns
And so the story ends
Of one who left no friends

Ma ma ma ma
Ma Baker
She taught her four sons
Ma ma ma ma
Ma Baker
To handle their guns
Ma ma ma ma
Ma Baker
She never could cry
Ma ma ma ma
Ma Baker
But she knew how to die

Ma ma ma ma
Ma Baker
She taught her four sons
Ma ma ma ma
Ma Baker
To handle their guns
Ma ma ma ma
Ma Baker
She never could cry
Ma ma ma ma
Ma Baker
But she knew how to die

https://www.youtube.com/watch?v=oR6eKmqSEa0

Songwriters: Frank Farian / Fred Jay / George Reyam


- අමිල-

2 comments:

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters