The Speaker of the house 'කතානායක'

 මේ දවස් වල හොදට හෝ නරකට ලංකාවේ දනන් තුඩතුඩ රැව් දෙන නමක් තමයි 'කතානායක'...
කතානායක කියන තානාන්තරේ එසේ මෙසේ එකක නෙමේ..බොහොමයක් රටවල් වල කතානායක කියන්නෙ රාජ්‍යයේ තුන්වැනි පුරවැසියා වගේම රාජ්‍ය ප්‍රධානියාගේ අනුප්‍රාප්තිකයන්ගේ ලැයිස්තුවේ දෙවන තැනට සිටින පුද්ගලයා වෙන්නෙත් කතානායක වරයා...
කතානයක තනතුරට වසර හයසිය ගණනක දීර්ඝ ඉතිහාසයක් තියෙනෙවා..1377 එංගලන්ත පාර්කිමේන්තුවේ ප්‍රධානියා හැදින්වීමට මුල් වරට "Speaker of the house" යන්න භාවිතා වුණා..ඒ අනුව වාර්ථා වන මුල්ම කතානායක වරයා වන්නේ 1377 එංගලන්ත පාර්ළිමේන්තුවේ කතානායක වරයා වුන තෝමස් හැංගර්ෆොර්ඩ් ය...
කතානායක වරයාට පාර්ළිමේන්තුව සම්බන්ධයෙන් අධිකාරීන්,වගකීම් සහ යුතුකම් රාශියක් තිබෙන අතර ඉන් ප්‍රධානම කිහිපයක් පාර්ළිමේන්තු විවාද පාලනය කිරීම,පාර්ළිමේන්තු ස්ථාවර නියෝග ක්‍රියාත්මක කරවීම,පාර්ළිමේන්තුව තුළ සිදු වුන චන්ද විමසීම් වල ප්‍රතිඵල ප්‍රකාශ කිරීම සහ ක්‍රියාත්මක කරවීම,සිය අත්සන යොදා පාර්ළිමේන්තුවෙන් සම්මත වුන නීති බලාත්මක කරවීම ලෙස ගෙනහැර පෑ හැකියි...

ඇල්බේනියා,ඔස්ට්‍රේලියා,බංග්ලාදේශ්,බොට්ස්වානා,කැනඩා,චෙක් ජනපදය,ඩෙන්මාර්ක්,ඊජිප්ට්,එස්ටෝනියා,ෆින්ලන්ඩ්,ඝානා,අයිස්ලන්ඩ්,ඉන්ඩියා,ඉරාන්,ඉශ්‍රායල්,ජපානය,කෙන් යා,ලෙබනන්,ලිතුඒනියා,මැසිඩෝනියා,මැලේසියා,මෝල්ටා,නේපාල්,නෙදර්ලන්ඩ්ස්,නිව්සීලන්ඩ්,නයිජීරියා,පකිස්තාන්,පිලිපීන්,සිංගපෝර්,ස්ලොවැකියා,දකුණු අප්‍රිකාව,දකුණු කොරියාව,දකුණු සුඩානය,ශ්‍රී ලංකාව,ස්වීඩන්,ටොංගා,එක්සත්‍ රාජධානිය(house of lords-lord speaker, house of commons - speaker ),එක්සත් ජනපදය,වනුආටු,සිම්බාබ්වේ යන රටවල් 'කතානායක/Speaker' යන්නද...
 
ආර්මේනියා (presindent of the assembly ),ඔස්ට්‍රියා (president of the council ),බෙල්ජියම්,කාම්බෝජය,හොංකොං,මැකාඋ,ක්‍රොඒෂියා,ප්‍රංශය,ජර්මනිය,ග්‍රීසිය,හංග්‍රේ,ඉටලි,ලිබියා,මෙක්සිකෝ,මොල්ඩෝවා,මොන්ටෙංගෝ,නෝර්වේ,පැරගුවේ,පෘතුගාලය,සර්බියා,ස්පේන්,ස්විට්සර්ලන්ඩ්,තයිවාන්,තයිලන්ඩ්,වෙනිසුඒලා යන රටවල් 'සභාපති/presindent ' යන්නද....
 
චීනය,ඉන්දුනීසියාව,කොසෝවෝ,ලැට්වියා,උතුරු කොරියාව,රුසියාව,සුරිනාම්,යුක්‍රේන්,විඑට්නාම් 'සභාපති/chairman' ලෙසද....බල්ගේරියාව 'chairperson' ලෙසද .. අයර්ලන්තය 'head of the council ' ලෙසද...පෝලන්තය 'Marshal' ලෙසද... මෙම තනතුර හදුන්වනවා...

ලංකාවේ මුල් වරට මෙම තනතුර ඇති වන්නෙ 1931 ඩොනමෝර් ව්‍යවස්තාව යටතේ ඇති වුන රාජ්‍යමන්ත්‍රණ සභාවේ/State council of Ceylon ය..1947 සෝල්බරි ප්‍රතිසංස්කරණ යටතේ මන්ත්‍රණ සභාව ඉවත් කොට පාර්ළිමේන්තුව ක්‍රියාත්මක කරවීමත් සමග 'speaker' යන නමින් එම තනතුර හැදින්විමට යෙදුනා...එම ප්‍රතිසංස්කරණය යටතේ ලංකා පාර්ළිමේන්තුවේ කොටස් දෙකට ප්‍රධානීන් දෙදෙනෙකු සිටියා..
Upper House/ Senate - Head of Senate ලෙසද House of representatives - Speaker of the house ලෙසද හැදින් වුනා...
                                       (The first speaker of the State Council of Ceylon as well as the Parliament of Ceylon;Alexander Francis Molamure)

එතැන් සිට මෙතැන් වන තෙක් ලංකා පාර්ළිමෙව්න්තුවේ කතානායක ආසනය 24 වතාවක් වෙනස් වී තිබෙන අතර ඇතැමුන් දෙවතාව බැගින් තනතුර හොබවා තිබෙනවා...ඔවුන් වර්ෂය අනුව අනුපිළිවෙළින්


1. ඇලෙක්සැන්ඩර් ෆ්‍රැන්සිස් මොලමුරේ - 07/07/1931 - 10/12/1934
2. ෆොස්ටර් ඔගස්ටස් ඔබේසේකර - 11/12/1934 - 07/12/1935
3. වෛතිලිංගම් දුරේස්වාමි - 17/03/1936 - 06/07/1947
4. ඇලෙක්සැන්ඩර් ෆ්‍රැන්සිස් මොලමුරේ - 14/10/1947 - 25/01/1951
5. ඇල්බර්ට් පීරිස් - 13/02/1951 - 18/02/1956
6. හමීද් හුසේන් ෂෙයික් ඉස්මයිල් - 19/04/1956 - 05/12/1959
7. ටිකිරි බණ්ඩා සුබසිංහ - 30/03/1960 - 23/04/1960
8. ආර්.එස්.පැල්පොල - 05/08/1960 - 24/01/1964
9. හියු ෆර්නැන්ඩෝ - 24/01/1964 - 17/12/1964
10. ඇල්බර්ට් පීරිස් - 05/04/1965 - 21/09/1967
11. ෂර්ලි කොරෙයා - 27/09/1967 - 25/03/1970
12. ස්ටැන්ලි තිලකරත්න - 07/06/1970 - 22/05/1972
13. ස්ටැන්ලි තිලකරත්න - 22/05/1972 - 18/05/1977
14. ආනන්ද තිස්ස ද අල්විස් - 04/08/1977 - 07/09/1978
15. ආනන්ද තිස්ස ද අල්විස් - 07/09/1978 - 13/09/1978
16. බාකීර් මාකර් - 21/09/1978 - 30/08/1983
17. ඊ.එල්.සේනානායක - 06/09/1983 - 20/12/1988
18. එම්.එච්.මොහොමඩ් - 09/03/1989 - 24/06/1994
19. කිරි බණ්ඩා රත්නායක - 25/08/1994 - 10/10/2000
20. අනුර බණ්ඩාරනායක - 18/10/2000 - 10/10/2001
21. එම්.ජෝෂප් මයිකල් පෙරේරා - 19/12/2001 - 07/02/2004
22. ඩබ්.ජේ.එම්.(වි.ජ.මු) ලොකුබණ්ඩාර - 22/04/2004 - 08/04/2010
23. චමල් රාජපක්ෂ - 22/04/2010 - 26/06/2015
24. කරූ ජයසූරිය - 01/09/2015 සිට මෙතෙක්...


මහමැතිවරණයකට පසුව රැස් වෙන ප්‍රථම පාර්ළිමේන්තු සැසිවාරයේදි කතානායක, නියෝජ්‍ය කතානයක සහ සභානායක යන තනතුරු වලට පුද්ගලයන් තෝරා ගන්නවා..
1948 - 1971 දී කතානායක රාජ්‍ය ධූරාවලියේ පස්වන තැන සිටියා..ඒ අග්‍රාණ්ඩුකාර (governer general) ,අග්‍රාමාත්‍ය,අග විනිසුරු සහ සෙනෙට් සභාවේ සභාපති යන අයට පහලින්...
1971 - 1978 තෙක් හතර වන තැන සිටියේ අග්‍රාණ්ඩුකාර,අග්‍රාමාත්‍ය සහ අග විනිසුරු යන අයට පහලින්...
1978 න් පසුව කතානායක යනු ධූරාවලියේ තුන්වැන්නා බවට පත් වුණා
කතානායක තනතුරට එක් අයෙකුට වඩා වැඩි ගණනක් යෝජනා වුනහොත් චන්දයකින් පුද්ගලයෙක් තෝරාගන්නවා... මෑත අතීතයේදි මට මතක එවන් එක අවස්ථාවක් තිබෙනවා..ඒ 2004/04/22 දින ආණ්ඩු පක්ෂයෙන් ඩිවු ගුණසේකරත් , විපක්ෂයෙන් වි.ජ.මු.ලොකුබණ්ඩාරත් කතානායක තනතුරට යෝජනා කිරීමත් සමග ඇති උණුසුම් වූ තත්ත්වයයි .මෙහිදී ආණ්ඩුපක්ෂ අපේක්ෂකයා පරාද කරමින් විපක්ෂයේ අපේක්ෂජයා වූ විජමු ලොකුබණ්ඩාර කතානායක තනතුරට තේරීපත් වෙනවා...
කතානායක වරයාට රන් නූලෙන් වැඩ දැමූ කලු සැටින් රෙද්දෙන් නිමවූ නිල ඇදුමක් තිබෙන අතර විශේෂ අවස්ථා වලදි සුදු පැහැ 'විග්' එකක් පැළදීම සිදු වෙනවා..එහෙත් කතානායක වි.ජ.මු. මෙම නිල ඇදුම නොඇදීමත් එවක කතා බහට ලක් වුණා...

සෑම පාර්ළිමේන්තු සැසිවාරයකදීම සෙංකෝලය (ceremonial Mace) රැගෙන එන වේත්‍රධාරී (Serjeant-at-arms) පසුපසින් පාර්ළිමේන්තු සභා ශාලාවට පැමිණෙන,පාර්ළිමේන්තුවේ ප්‍රධානියා මෙන්ම රටේ තුන්වන පුරවැසියා වන කතානායක යනු අද අප පාර්ළිමේන්තුව සහ රටේ පළමු හා දෙවන පුරවැසියන් ලෙසම අවමානයට ලක්විය යුතු තනතුරක් නොවේ....
 
- අමිල-

Gallery

         The tomb of the first ever speaker (reported);Sir Thomas De Hungerford and his wife
                                      ජෝෂප් මයිකල් පෙරේරා
                                වි.ජ.මු.ලොකුබණ්ඩාර
                          චමල් රාජපක්ෂ
                        කරූ ජයසූරිය


                           The speaker of the house of UK ;John Bercow


                          The speaker of the house of United States ;Paul Ryan

 

No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters