Beyond reasonable doubt,සාධාරණ සැකයෙන් ඔබ්බට ......19 - "hElLo KiTty"


(අප්රිය සහගත සිදුවීම් ගැන ලියා ඇති බවට අනතුරු අගවමි)
1999 මැයි මාසෙ දිනක හොංකොං වල Tsim Sha Tsui පොලිසියට වයස 14 විතර ගැහැණු ළමයෙක් එන්නෙ මද සිහියෙන් වගේ.. ඇය පොලිස් නිලධාරීන් හමුවේ කියා සිටි කතාව විශ්වාස නොකල ඔවුන් ඇය මානසික රෝගිනියක් සේ සලකා සිටියා...එහෙත් පුන පුනා කියna ඇගේ කතාව හමුවේ ඉහල නිලධාරියෙක්ගේ උපදෙස් මත පොලිස් නිලධාරීන් ඇය සමග යාමට පිටත් වුණා..කොහෙටද ? නො.31,Granville Road වෙතට...
ඇය පවසා සිටියේ හැමදාම ඇයට කරදර කරන මියගිය කාන්තා ආත්මයක් ගැනයි...
නො.31 හි පදිංචිව සිටියේ හොංකොං හි නම ගිය මත් ද්රව්ය ජාවාරම් කාරයෙක් වුණ 34 හැවිරිදි චං මැං ලොක් සහ ඔහුගේ මිතුරන් වුණ 27 වියැති ලෙඋං ෂිං චාඕ සමගින් 21 වියැති ලෙඋං වයි ලුං යන අයයි... ඉහත කී 14 වියැති ;මාධ්යය විසින් ආහ් ෆොං ලෙසින් හැදින්වූ දැරිය 34 වියැති චං ගේ පෙම්වතියයි...
මේ කණ්ඩායම මත්ද්රව්ය ජාවාරමට අමතරව නීතිවිරෝධී යැයි සැළකෙන ජාවාරම් රැසක්ම සිදු කල අයයි.. ගණිකාවන් සැපයීම ඉන් එකක්...
චංගේ විනෝදාංශයක් වූයේ ප්රසිද්ධ ජපං වෙළදනාමයක් වූ හෙලෝ කිටී වෙළද නාමය යටතේ එන දෑ එකතු කිරීමයි..නිවසේ සෝෆා වල කුෂන් කවර, ජනෙල් දොරවල් වල තිර රෙදි, බුමුතුරුණු, ඇදුම් , මුළුතැන්ගේ උපකරණ හා නිවස පුරා තබා තිබූ විවිධාකාරයේ බෝනික්කන් සියල්ලම හෙලෝ කිටී නිෂ්පාදනයි..
ආහ් ෆොං ගේ ප්රකාශයට අනුව පොලිසිය නිවසට පැමිණෙන විට මිතුරන් තිදෙනා එහි සිටියේ නෑ... නිවස පරීක්ෂා කිරීමේදී ආහ් ෆොංගේ මග පෙන්වීමට අනුව පොලිසිය විසින් සොයා ගන්නවා තරමක් විශාල හෙලෝ කිටී බෝනික්කෙක්.එය හෙලෝ කිටී හිසකින් සහ දිය කිදුරියකගේ ශරීරයෙන් යුත් බෝනික්කෙක්... බෝනික්කාගෙ හිස ලෙහූ පොලිසියට දක්නට ලැබුනේ ජුගුප්සා ජනක දර්ශණයක්... ඒ බෝනික්කාගේ හිස තුල පුලුන් ගුලිවලට ඇලී ගිය මස් සහ සම් කැබලි වලින් යුතු ඕජස් ගලන , කුණු ගද වහනය වන කාන්තා හිස් කබලක්....


*** *** *** *** *** *** *** *** ***
23 වියැති ෆැං මං යී රාත්රී සමාජ ශාලාවක සේවිකාවක්.

ඇය විවාහව කුඩා පිරිමි දරුවෙක්ගේ ද මවක් වුනා.. විවාහයට පෙර ඇය ගණිකා සේවයේ යෙදුන කෙනෙක්.ගණිකා සේවෙයේ යෙදී සිටී කාලයේ නො.31 හි පදිංචිව සිටි මිතුරන් තිදෙනා ඇයගේ ගණු දෙණු කරුවන් වුනා..ඔවුන් සමග ඇය නිතර එහෙ මෙහෙ යන්න පුරුදු වී සිටියා.. දවසක් කණ්ඩායම් නායක චං ගේ මුදල් පසුම්භියක් ෆැං සොරා ගන්නවා..එහි ඒ වෙනකොට හොංකොං ඩොලර් 20,000ක් පමණ මුදල් තිබී තිබුණා (ඇඩො. 2,560 ක්)... මුදල් පසුම්බිය ගැන පසුව ඇගෙන් කල ප්රශ්න කිරීම් වලදී චං හමුවේ ඇය කියා සිටිනවා ඇය මුදල් සොරා ගත් බව... අධමයන්ගෙත් අධමයෙක් වුන චං කියා සිටියේ පොළියත් සමග මුදල් ගෙවන ලෙසයි.. පසුව ෆැං පොළියත් සමග ඇ.ඩො 10,000කට සමාන මුදලක් ඔහුට ගෙවනවා...එහෙත් චං ඉන් සැහුනේ නෑ.. ඔහු කියා සිටියේ ඩොලර් 16,000කට සමාන මුදලක් ගෙවන ලෙසයි..එහෙත් ෆැං ට ඒ අවස්තාවෙ කෙසේවත් එය ඉටු කල නොහැකි වුණා...
දින ගණනාවක සිට කල සැළසුමකට අනුව මිතුරන් තිදෙනා 1999 මාර්තු 17 දින ෆැං ව පැහැර ගන්නෙ ඇයව ගණිකා සේවයේ යොදවා මුදල් අය කර ගැනීමටයි ...ඇයව ගණිකා සේවයේ කිහිප විඩක්ම යෙදවූ ඔවුන් ඒ අතරේ ගෙවෙන කාලයේදි ඇයට දැඩි ලෙස වද දෙන්න පටං ගත්තා...මේවාට 14 හැවිරිදි ආහ් ෆොං දායක වුනේ හුදෙක්ම ඉන් ලැබූ විනෝදය නිසා බව පසුව ඇය කියා සිටිනවා.. මේ සේඩිස්ට් (Sadist) ලා හතර දෙනා ෆැං ට නොසෑහෙන වද දුන්නා.. ආහ් ෆොංගෙ සාක්ෂි වලට අනුව ඒ හිංසාවන් කිහිපයක් නම්,
• ප්ලාස්ටික් පුච්චා ඇගේ මුහුණට ,කකුල්වලට සහ සමට වැටීමට සැලස්වීම.
• ඉන් ඇති වුණ තුවාල වලට මිරිස් සොස් දැමීම.
• සිවු දෙනාගේ මලපහ කෑමට සැලැස්වීම.
• ඇගේ මුවට මුත්රා කොට බලහත්කාරයෙන් ඒවා පෙවීම.
• වෙලාවක් අවෙලාවක් නැතිව ඇයට පහර දීම.
• එක් වතාවක් වයරයකින් ඇයව සිවිලිමේ එල්ලා කකුල් වලට ලෝහ බට , කැඩුනු මේස කකුල් සහ ලී වලින් පහර දීම.මෙය නැවත්වූයේ ඇගේ ඇගිලි කැඩී යටිපතුල් පුපුරු ගැසූ පසුයි(ආහ් ෆොං ගේ සාක්ෂි)
• තවද ආහ් ෆොං පවසා සිටියේ තව වතාවක චං නොනවත්වා ෆැං ට 50 කට අධික වතාවක් පයින් පහර දුන් බවයි..
මසකට ආසන්න කාලයක් ෆැං විසින් මරණය ආයාචණා කරමින් මේ නිරා දුක් විදිමින් සිටියා... ඇයට කන්න ලැබුනේ නෑ..ලැබුණත් ඒ කෑම සුලු ප්රමාණයක් සහ වැඩිමනක් මිතුරු කණ්ඩායමේ මලපහයි 😥😥😥😥😖😖🤬
සියලු වධ බන්ධන අවසන 1999 අප්රේල් මස මැද දිනකදි ඇය නාන කාමරයේම සිය අවසන් සුසුම් හෙලුවා .ඒ වන විටත් ඇය නානකාමරය තුළ ඇගේම ජරාව මැද දින දෙකක් ගත කොට තිබුණා..
උදෑසන අවධිව ඇය මිය ගොස් ඇති බව දුටුවත් ඒ නිරිසත්වයන්ට එය එතරම් ගාණක් වුණේ නෑ...ඔවුන් අසල තිබුණු වීඩියෝ ක්රීඩා මධ්යස්ථානයකට ගොස් ක්රීඩා කොට, හවස් වරුවේ ගෙදර විත් නිසල ෆැංගේ මල සිරුර තිබුණු නාන කාමරයේම සසල නොවී ස්නානය කර නිදා ගෙන සිට රාත්රී ආහරයෙන්ද පසුව මලසිරුරට කලයුත්තේ කුමක් දැයි කතා වුණා.. අවසනයේ තීන්දු කලේ මල සිරුර කුඩා කැබලි වලට කපා දැමීමටයි..
එ අනුව නාන බේසමට ෆැං ගේ සිරුර දැමූ ඔවුන් කියතකින් එය කුඩා කැබලි වලට කැපුවා... කැපීමට අපහසු හිස වෙනම තැබුවා..
කුඩා කැබලි වලට කැපූ කැබලි භාජනයක දමා තැම්බුවේ මිනිස් මාංශ වල ස්වභාවය සහ ගද ඉවත් කිරීමටයි... දිනකිහිපයක් තිස්සේ මේ මස් තැම්බීම කල අතර ඒ මුළුතැන්ගෙහිම ඔවුන්ගේ දෛනික ආහාරද , එම භාජනම යොදාගෙන සැකසුණා..ඔවුන් කිසි හිරිකිතයකින් තොරව ඒවා කෑමටත් ගත්තා...මස් තැම්බීමෙන් පසුව ඒවා කුණු බහාලන බෑග් වල දමා ඉවත් කිරීමට කටයුතු කලා..

එහෙත් උරයක දැමූ අභ්යන්තර ඉන්ද්රීයයන්ගෙන් කොටස් කිහිපයක් ඉවත් කිරීමට අමතක වීමෙන් හෝ ඔවුන්ට මග හැරෙනවා..
ඉතිරිව තිබුන හිස් කබල හෙලෝ කිටී බෝනික්කාගේ හිස තුලට දමා මැසූ ඔවුන් එය ආලින්දයේ සුපුරුදු තැනම තබා ඔවුන්ගේ දෛනික කටයුතු සුපුරුදු ලෙස කරගෙන ගියා ....
එහෙත් අපරාධ වලින් තැම්බී නොසිටි තවමත් 14 වියැති ආහ් ෆොං ට මෙය ඉවසා සිටිය නොහැක්කක් වුණා.. ඇයට නිතර නිතර ෆැං ගේ වේදනාකාරී කෑ ගැසීම් සහ ඇමතීම් ඇසෙන්නට වුණා.. ඇය පැවසූ පරිදි ඇය කිහිප වතාවක්ම ෆැංව ආලින්දයේ සහ නානකාමරයේ දුටුවා...
මේ සිදු වීම් වලින් නිදහසක් නැති තැන ඇය තීරණය කරනවා සියල්ල නීතිය හමුවේ වමාරන්න.... ඇය 1999 මැයි මස පොලිසියට යන්නෙ ඒ අනුවයි..

$$$ $$$ $$$ $$$ $$$ $$$ $$$ $$$ $$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$

ආහ් ෆොං ගේ ප්රකාශය සහ ලද සාක්ෂි අනුව යමින් පොලිසිය වහා මිතුරු කණ්ඩායම අතඩංගුවට ගත්තා.. හිස් කබලට අමතරව සාලයේ වැටී තිබුණු ෆැං ගේ දතක් සහ ඉවත් කිරීමට අතපසු වුන, කුණු වෙමින් පැවති ෆැං ගේ අභ්යන්තර කොටස් ද පොලිසිය විසින් සාක්ෂි ලෙස රැගෙන ගියා...

- නඩුව-
 
චුදිතයන්ට එරෙහිව නඩුව ජූරි සභාවක් ඉදිරියේ ඇසුණා.. ඔවුන් ප්රකාශ කර සිටියේ ඔවුන් ෆැං ව මරා නොදැමූ බවයි .. එහෙත් ඇයට නීතිය අනුව හිමි විය යුතු ගෞරවාන්විත අවසාන කටයුත්තක් ලැබීමට නොසැලැස්වීම යන චෝදනාව ඔවුන් පිලිගත්තා ...එය හොංකොං නීතිය අනුව අපරාධයක්...
විත්තියේ නීතිවේදීන් තර්ක කරමින් කියා සිටියේ ෆැං විසින් methamphetamines නම් ඖෂධය අධිමාත්රාවෙන් ලබාගත් හේතුවෙන් මිය ගිය බවයි... ඇතැම් පුද්ගලයින් විසින් ලිංගික උත්තේජනය ලබා ගැනීමට මෙම ඔසුව භාවිතා කරන බව වාර්තා වෙනවා...
එහෙත් ෆැං ගේ සැමියා සාක්ෂි දුන්නේ ෆැං ගැබ් ගැනීමට පෙර ඇය මෙම ඔසුව භාවිතා කිරීමට පුරුදුව සිටි බවත් , ගැබ් ගැනීමෙන් පසු සහ දරුවා ලැබීමෙන් පසුවද ඇය කිසි දිනක එය භාවිතා නොකල බවයි... තවද එම ඔසුව ෆැංට ලැබුනේ කෙසේද යන්න ඔප්පු කිරීමට විත්ති පාර්ෂවය අපොහොසත් වෙනවා..
එහෙත් පැමිණිලි පාර්ෂවයට මුහුණ පෑමට වු ලොකුම ගැටළුව නම් ෆැං ගේ මරණයට නියම හේතුව කීමට අධිකරණ වෛද්යවරුන් පවා අපොහොසත් වීමයි..ඊට හේතුව නම් ෆැං ගේ සිරුරේ වැදගත්ම කොටස් තම්බා විනාශ කර තිබීමයි...

-තීන්දුව-
 
සති හයක කාලයක් තිස්සේ ඇසුනු නඩුව අවසානයේ ජූරිය තීන්දු කරනවා ;අණිවාර්ය් මරණ දඩුවමක් ලබා දීමට අවශ්ය වන , ෆැංව මෙම පුද්ගලයන් විසින් ම මැරුවාය යන්න සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු නොවන බව සහ එසේ මුත් මොවුන්ගේ ක්රියා කලාපයන් හේතුවෙන් ඇති වුණ තත්ත්වයන් ඇගේ මරණයට බලපෑමක් ඇති කර ඇති බව...


ජූරියේ නිර්දේශය අනුව විනිශ්චයකාර පීටර් න්ගුයෙං විසින් ඔවුන්ට ලබා දිය හැකි උපරිම දඩුවම වන ජීවිතාන්තය තෙක් සිර දඩුවම තිදෙනාටම තීන්දු කරන්නෙ 20 වසරක් යන තුරු කිසිදු සමාවකට යටත් නොවන බවටද තීන්දු කරමින්.. ආහ් ෆොං නීතිපතිවරයා විසින් නිදහස් කිරීමට නිර්දේශ වන්නෙ රජයේ සාක්ෂි කරුවකු වූ නිසා සහ ඇගේ අරමුණ ෆැං ව මැරීමට ම වූ එකක් බව ඔප්පු නොවීම නිසයි...

-පසු සිදුවීම්-
මෙම සිදු වීමෙන් පසුව හෙලෝ කිටී නිෂ්පාදන වලට ඇති ඉල්ලුම සීග්රයෙන් පහල ගිය බව එම සමාගම වාර්තා කොට තිබුනා.


එමෙන්ම මිතුරන් වාසය කල නො.31 දරණ නිවාසය කිසිවෙකු විසින් කුලියට හෝ මිලට නොගත්තෙ දරුණු අපරාධයක සෙවණැලි සහ ඒ අතර සැරිසරන ෆැං ගේ ආත්මය ගැන කට කතා ප්රදේශය පුරා පැතිරුන බැවිනි...


පසුව අදාල මහල් නිවාස සංකිර්ණයේ අනෙත් වාසින්ද එය අත් හැර ඉවත්ව යන්නට වුනේ සම්පූර්ණ මහල් නිවාසයම හිස් ගොඩනැගිල්ලක් බවට පත් කරමින්..පසු කාලයේදී ව්යාපාරියෙක් විසින් මෙම ගොඩනැගිල්ල මිලට ගෙන බිමට සමතලා කර දමනවා...
අපරාධ කරුවන් සදහා සමාවට වැට බැදි වසර 20 අවසාන වන්නෙ ලබන වසරේදීය...
ඉන් පසු කුමක් වේදැයි නොදනිමි..


තීදුව ප්රකාශ කරමින් විනිශ්චයකාර වරයා සිය දේශණයේදි පහත දෑ කියා සිටියා..


"Never throughout the years in Hong Kong has a court heard such cruelty, depravity, callousness, brutality, violence and viciousness, perpetrated by a human being, or human beings, on another human being,”
“Even an animal would not have been maltreated in the same way as that received by the deceased.”
"It’s difficult to mention a perversion worse than that,”
“In my mind, the three of you treated the corpse with such callousness and lack of feeling that when she was alive, you [probably] did not treat her like a human being, but like an object.”

- The court is adjourned -

- Amila -

Gallery





No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters