දෙවියන්ගේ ගීතයෙන් - 03 (from Bhagavad Gita )


පළමු පරිච්ඡේදය දෙවන කොටස
08.

"භවන් භීෂ්මශ් ච කර්ණා ච
කෘපා ච සමිතිම් ජයහ්
අශ්වත්ථාමා වික්‍රණාශ් ච
සෞමදත්තිස් තථෛව ච"

ඔබත් ඇතුළුව භීෂ්ම(පිතාමහ),කර්ණ,කෘපා,අශ්වත්ථාම ,විකර්ණ සහ සෞමදත්ත ගේ පුත් භූරිස්‍රව යන යුධපිටියේ නිතර ජය ලත් විරුවෝ මගේ හමුදාවේ සිටිත්....
මහි විකර්ණ යනු දුර්යෝධන් ගේ එක් සහෝදරයෙකි.අශ්වත්ථාමා යනු ද්‍රෝණාචාර්යගේ පුත්‍රයා වෙත්...අශ්වත්ථාමා වරයකින් අමරත්වය ලත් පුද්ගලයෙකි...එසේ හෙයින් ද්‍රෝණාචාර්ය කියා සිටියේ කෙනෙක් අශ්වත්ථාමා මරා දමයිද,හේ මා මරා දමයි යන්නයි...අශ්වත්ථාමා මරා දැමීම කල නොහැකි බැවින් කිසිවෙක්ට ද්‍රෝණාචාර්ය මරා දැමීමටද නොහැකි විය...ද්‍රෝණයන් දෘෂ්ඨද්‍යුම්න නොතැකුවේ එසේ හෙයිනි...
කර්ණ යනු අර්ජුනගේ (යුදිෂ්ඨිර,අර්ජුන සහ භීම යන තිදෙනාගේම) සුළු සහෝදරයෙකි...එනම් කුන්තිය පාණ්ඩු රජු සමග විවාහයට පෙර ලද පුත්‍රයෙකි....
කෘපා (කෘපාචාර්ය) ගේ නිවුන් සොහොයුරිය ද්‍රෝණාචාර්යගේ බිරියයි... 



09.
"අන්‍යෙ ච බවහ් සූර
මදර්ථේ ත්‍යක්ථ ජීවිතහ්
නානා -ශාස්ත්‍ර -ප්‍රහරනාහ්
සර්වේ යුද්ධා -විශාරදහ්"

තවද මා වෙනුවෙන් සිය දිවි පිදීමට කැමති විවිධ ආයුධ හරඹයන්හි ,ශාස්ත්‍රයන්හි සමත් විවිධ යුද කලාවන්හි විශාරදත්වයට පත් වීරයෝ රැසක්ද මගේ හමුදාවේ වෙත්....

10.
"අපාර්‍යාප්තම් තදස්මාකම්
බලම් භීෂ්මාභිරක්ෂිතම්
පාර්‍යප්තම් තු ඉධම් එතේසම්
බලම් භීෂ්මාභිරක්ෂිතම්"


භීම විසින් සුරක්ෂිත කරන ලද පාණ්ඩවයන්ගේ බලය සීමා සහිත වද්දී මහා බල සම්පන්න භීෂ්ම(පිතාමහ) විසින් සෙවුනා ලද මාගේ හමුදාවේ බලය අසීමාන්තිකය...
අත්දැකීමෙන් පරිණත භීෂ්ම පිතාමහ හමුවේ තරුණ හා අත්දැකීම් අඩු භීම හිරු මුව කදෝපැණියෙක් ලෙස දුර්යෝධන් සිතන්නට විය...
එසේ වුවද දුර්යෝධන් දැන සිටියා ඔහු මිය ගියහොත් ඒ භීම අතින්ම බව...එහෙත් භීෂ්ම ගේ බලය හමුවේ ඔහු සිය සිත සනසා ගැනීමට උත්සාහ කලා....

11
"අයනේසු ච සර්වේසු
යථා-භාගම් අවස්ථිතහ්
භීෂ්මම් ඒවාභිරක්ෂන්තු
භවන්තහ් සර්ව ඒව හි"

දුර්යෝධන් සිය සේනාවෙන් මෙසේ ඉල්ලන්නේ; ඔබ සියළු දෙනම මහා බල භීෂ්ම පිතාමහ ට උපරිම සහයෝගය ලබා දිය යුතුය..
තම හමුදාවේ වීරත්වය කෙතරම් වර්ණනා කලද අනෙක් පාර්ශවයද එලෙසම සිතිය හැකි බව ඔහු වටහාගන සිටියා..එනිසා අවසානයේ ඔහු සිය සේනාවෙන් එසේ ඉල්ලා සිටියා..
භීෂ්ම පිතාමහ මහා විරුවෙක් බව අත්‍යන්තයෙන්ම සැබෑවක් වුවද මේ වන විට ඔහු මහලු පුද්ගලයෙක් වුනා..මේ සියලුම පාර්ශවයන් එකිනෙකාගේ නෑදෑ හිත මිතුරන් වීම තවත් කාරණයක් වුණා..
භීෂ්ම හා ද්‍රෝණාචාර්ය පාණ්ඩවයන් කෙරෙහි යම් ඇල්මක් තිබුණද ඔවුන් දැන් ඒ සියලුම බැඳීම් අත්හැර දමා ඇතැයි දුර්යෝධන් සිතුවා..
දෞපදිය නිරුවත් කල අවස්ථාවේ ඇය භීෂ්ම සහ ද්‍රෝණගෙන් උපකාර ඉල්ලා සිටියද ඔවුන් නෑසු කන්ව වදනක් හෝ නොදොඩා සිටීම ත් දුර්යෝධන්ගේ මෙම සිතිවිල්ලට හේතු වුනා...
ඒ ඒසේමය , භීෂ්ම හා ද්‍රෝණ දෙපලම මෙම මහා යුද්ධයට අකමැති වුවද සිය දෛවෝපගත යුතුකමත් ඉටු කරන ලෙසින් ඔවුහු දුර්යෝධන්ට සහාය පල කිරීමට එක්ව සිටියෝය...

- නැවත හමුවෙමු-

No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters