Beyond Reasonable doubt,සාධාරණ සැකයෙන් ඔබ්බට….. - 08 – “හාර ලක්ෂය”

https://www.facebook.com/groups/804276106323782/permalink/1532089160209136/?hc_location=ufi
 
har2
හාරලක්ෂෙ මංකොල්ලය එහෙමත් නැත්නම් ටර්ෆ් ක්ලබ් මංකොල්ලය කියන්නෙ අපේ රටේ සිදුවී ඉතාම සූක්ෂම අයුරින් සිදුකරන ලද අපරාධයක්. වසර හැට හයකට පමණ ඉහතදී සිදුවූ මේ මංකොල්ලයට පාර කැපෙන්නේ ඊට පෙර සිදුවූ තවත් අපරාධයක් නිසා. ඒ තමයි වයිට් හවුස් මිනීමැරුම.
රත්නපුර ප්‍රදේශයේ යුරෝපීය වතු පාලකයකු වන වයිට් හවුස් මහතා තම වත්තේ සේවකයන්ට පඩි ගෙවීම සඳහා රුපියල් 35,000.00 ක මුදලක් කොළඹ බැංකුවක ඉඳන් ගෙන එමින් සිටියදී රත්නපුරට නුදුරින් හිදැල්ලන නමැති ගමේ කරපිංචා පාලම අසලදී ඔහුව මරා පැහැර ගන්නවා. මේ මිනීමැරුම සිදුකරන්නේ ලෑතර බාස්.
ඒ අපරාධය නිසා දඬුවම් විඳිමින් සිටි ලෑතර බාස් හෙවත් ඒ. ආර්. පීටර් පෙරේරාව බේරාගැනීමට මුදල් සෙවීමට ඔහුගේ මස්සිනා වන ජේම්ස් සෙනෙවිරත්න තමයි මේ මංකොල්ලය සැලසුම් කරන්නේ. මේ සඳහා උදවුවට ඔහු තවත් පිරිසකුත් එකතු කර ගන්නවා. දින දෙකක් පුරා ක්‍රියාත්මක වූ මේ මංකොල්ලයට සම්බන්ධ සිදුවීම් පෙළ අතරතුර මිනිස් ජීවිතයකුත්බනැති වෙනවා.
නිදහස ලබා වසරකට ආසන්න කාලයක් ගතව තිබුණ ද තවදුරටත් ශ්‍රී ලංකාවේ යටත් විජිත නටඹුන් ඉතිරිව තිබුණා.
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් මෙරටට ලැබුණ දායාදයක් ලෙස සැලකිය හැකි අශ්ව රේස් සඳහා මුදලින් ඔට්ටු ඇල්ලීම එකල සමාජයේ සමහර ප්‍රභූවරුන්ගේ පවා සහභාගිත්වයෙන් පැවැතුණා. කොළඹ රීඩ් මාවතේ තුරඟ තරග පිටියේ සෑම සති අන්තයකම පාහේ මෙම තරග පැවැත් වුණ අතර ඒවා මෙහෙයවීම හා මුදල් පරිපාලන කටයුතු සිදු කළේ සිලෝන් ටර්ෆ් ක්ලබ් හෙවත් සී. ටී. සී. ආයතනයයි.
හාර ලක්ෂයේ මංකොල්ලයේ අරමුණ වී තිබුණේ කොළඹ තුරඟ තරඟ පිටියේ සිට කොළඹ චාටර්ඩ් බැංකුව වෙත ගෙන යන මුදල් කොල්ලකෑමයි. සෑම සඳුදාම තුරඟ පිටියේ සිට බැංකුව වෙත මුදල් ගෙන යාමට භාවිතා කරනු ලබන්නේ ආම්ස්ට්‍රෝං නම් ගරාජයකින් කුලියට ගන්නා රථයකින්.
මුදල් තැන්පත් වූ සේප්පු විවෘත කිරීමට යතුරු හතරක් අවශ්‍ය වූ අතර ඒවායින් දෙකක් සී. ටී. සී. ආයතනයේ ලේකම්ව සිටි එෆ්. ජී. මෝර්ලි අතේ ද, අනෙක් යතුරු දෙක ආයතනයේ ප්‍රධාන අයකැමි එස්. ආර්. පීරිස් ආතේ ද වූණා.
සඳුදා (31) උදෑසන දෙදෙනා පැමිණ සේප්පු විවෘත කොට මුදල් බැංකුව වෙත ගෙන යා යුතු වු අතර ඒ සඳහා ආම්ස්ට්‍රෝං ගරාජයෙන් සපයන වාහනයක් භාවිත කිරීමට නියමිතව තිබුණා. හත් දෙනකුට සුව පහසුව ගමන් කළ හැකි ආකාරයේ රථ තුනක් ආම්ස්ට්‍රෝං ගරාජය සතුව තිබූ අතර සෑම සඳුදාවකම ඒ රථ අතරින් එකක් සී. ටී. සී. ආයතනය වෙත ගෙන ආවේ මුදල් බැංකුව වෙත අරගෙන යන්නයි.
මේ බව කල්තියා දැනගෙන සිටින සෙනෙවිරත්න ඇතුලු පිරිස ඊට දිනකට [ජනවාරි 30 දින] පුත්තලමට යෑම සඳහා බව පවසමින් ආම්ස්ට්‍රෝං ගරාජයෙන් වාහනයක් කුලියට ලබාගන්නවා. ඔවුන්ට ලැබෙන්නේ Z6033 නම් චවලට්[ෂැවොලේ] වර්ගයේ රථයක්.

har3
 කුරුවිටගේ ජෝන් සිල්වා හෙවත් පොළඟා ජෝන් රථය පදවනු ලැබූ අතර එම ගමනට ගරාජය රුපියල් 269.50 ක ගාස්තුවක් නියම කර තිබුණා. රුපියල් 50 ක අත්තිකාරම් ගෙවා රථය වෙන් කර ගෙන තිබුණේ රූපානන්ද ද සිල්වා නමැත්තෙක්.
මේ අතර සෙනෙවිරත්න හා රාජපක්‍ෂ CE 757 දරණ කුඩා ස්ටැන්ඩර්ඩ් වර්ගයේ මෝටර් රියකින් පුත්තලම බලා පිටත් වෙනවා.
ජෝන් සිල්වා ගේ මෝටර් රිය අනුරාධපුර පාරේ පුත්තලම් 13/4 දරන බෝක්කුව වෙත ළඟාවෙද්දී විජේදාස බඩේ කැක්කුමක්පමවා පා රිය නවත්වා ගන්නවා. ඒ අතර කැලයේ සිට කඩා වදින සෙනෙවිරත්න හා රාජපක්‍ෂ රියැදුරාව කැලයට පැහැර ගෙන යනවා. ඔවුන් දෙදෙනාම සිටින්නේ වෙස්වළාගෙන.
කැලයේ දී ඇති වූ ගැටුමකින් පසුව ජෝන් සිල්වා ගස් බැඳ ගෑස් මුහුණක් පලඳවා මරා දමා රථය පැහැර ගැනුණ අතර ජනවාරි 31 උදෑසන අට වන විට Z 6033 රථය සී. ටී. සී. ආයතනය වෙත ළඟා වුණා. එහි රියදුරු ලෙස පැමිණි ගිල්බට් ඩයස් ආයතනයේ නිලධාරීන්ට හුරු පුරුදු ආම්ස්ට්‍රෝං ගරාජයේ සේවකයකු වූ අතර ඔහු ද සැලසුම් කර ඇති මංකොල්ලයේ කොටස්කරුවකු බව නිලධාරීන් දැන සිටියේ නෑ.
රථය බැංකුව වෙත ගමන් ඇරඹීමට පෙර කොටුව පොලිස් ස්ථානයට දැනුම් දීමත් එහි සිට පැමිණෙන පොලිස් පරික්ෂකවරයකු රථයේ නැඟී බැංකුව බලා ගමන් කිරීමත් සාමාන්‍ය ක්‍රමය වුණ අතර 1949 ජනවාරි 31 දා ද ඒ සියල්ල සුපුරුදු ආකාරයටම සිදු වූණා.
මෝටර් රිය කොළඹ කෞතුකාගාරය ආසන්නයට පැමිණෙද්දී මුණසිංහ කැෂියර්වරුන්ට රිවෝල්වරයක් එල්ලකොට ඔවුන් බිය වද්දනවා. ඒ සමඟම මෝටර් බයිසිකලයක එන සෙනෙවිරත්න හා රාජපක්‍ෂ මෝටර් රියට කඩා වැදී මුදල් පෙට්ටිය සොරකම් කරගෙන වෙනත් රියක නැඟී පලා යනවා. අලුත්කඩේ සාංචි ආරච්චිගේ වත්තට පැමිණෙන හොරු එහි වේලු නමැත්තකුගේ නිවෙසක මුදල් සඟවා රථය “නොරිස් කැනල් වීදියේ” අතහැර දමනවා.

har5
(Map from internet)
 එදින උදේ 8.30 ට පමණ තුරඟ තරග සමාජය ගොඩනැගිල්ලෙන් පිට වූ වාහනය කොළඹ චාර්ටඩ් බැංකුව වෙත ආවෙ නෑ. අතරමඟදී සැලසුම් සහගත මංකොල්ලය ක්‍රියාවට නැං වී තිබූ අතර පැහැර ගැනුණ මුදල රුපියල් හාර ලක්ෂයක් බව ප්‍රකාශ වුණා. මෙයට වසර හැටකට පමණ පෙර එය සුවිශාල මුදල් සම්භාරයක් වූයේය.එය අද යුගයට සැසඳුවොත් රුපියල් කෝටි 4ක 5 ක් පමණ විය හැකියි.
1949 පෙබරවාරි 04 වැනි දින පැවති නිදහස් සමරු උත්සවයට සහභාගි වන වීරසිංහ නමැති පට්ටල්කාරයා අදාළ මංකොල්ලය දැනගන්නේ පුවත්පත් මාර්ගයෙන්. ඔහු රාජපක්ෂ සොයා ගොස් සල්ලි ඉල්ලනවා. එහිදී රාජාගේ පිළිතුර වන්නේ සල්ලි දෙන්නේ තෙමසක් ගතවූ පසුව බවයි.
සමකාලීනව පොලිස් අධිකාරීවරුන් වූ ඩී. සී. දිසානායක, ඊ. ඩී. කූල්මේයර් හා රොක්වුඩ් යන අයගේ මෙහෙයවීම යටතේ සහකාර පොලිස් අධිකාරීවරුන් වූ බී. ඩබ්ලිව්. පෙරේරා, පර්සි සෙනවිරත්න, ජේ. ඩබ්ලිව්. ආටිගල, ලැම්බ්‍රෑගන්, ලයනල් ගුණතිලක හා කිටෝ යන අය වහා පරීක්ෂණ ආරම්භ කලා.
වෙනදා මෙන් කටයුතු කෙරෙන බව පෙනුණ ත් ජනවාරි 31 දා බැංකු ගමනේදී ආරක්ෂක නිලධාරියා ඇතුළු කිහිප දෙනෙක්ම සැළැස්මට අනුව රඟපෑ පිටස්තරයන් බව පසුව පරීක්ෂණ වලදී අනාවරණය වෙද්දී ජෝන් සිල්වාගේ මළ සිරුර ද සොයා ගන්න පුලුවන් වුණා.
ඒ සමඟම රියැදුරු ජෝන් සිල්වා මරා දැමීම හා තුරඟ තරග සමාජයට අයත් රුපියල් ලක්ෂ හතරක මුදලක් පැහැර ගැනීම යන චෝදනා යටතේ අට දෙනෙකු අත් අඩංගුවට ගෙන ඔවුනට එරෙහිව අධිකරණයේ නඩු පැවරුණා. එම විත්තිකරුවන් වූයේ පහත සඳහන් අයයි.
1. හත්වැල්ලගේ ගිල්බට් ඩයස්
2. මලිගස්පෙ කෝරළගේ විල්සන්
3. සුරවීරගේ ලුවිස් ඩයස්
4. ආරච්චිරාළ හෙවත් එන්. ඒ. එස්. ද සිල්වා ජයසිංහ
5. එම්. විජේදාස පෙරේරා
6. එම්. ඒ. එල්. වර්ලිස් මුණසිංහ
7. එම්. ඒ. ඩී. ජේමිස් සෙනවිරත්න
8. ආර්. එල්. ජයනන්ද ප්‍රේමලාල්

har4
 මංකොල්ලයේ මහ මොළකරු, ව්‍යාපාර කිහිපයක් ද හිමිව සිටි ප්‍රභූ පන්තියේ පුරවැසියකු ද වූ හතරවැනි විත්තිකරු ජයසිංහ බව අනාවරණය වුණා.
හය වැනි විත්තිකරු මුණසිංහ හිටපු පොලිස් භටයකු වූ අතර, පස්වැනි විත්තිකරු විජේදාස පෙරේරා රාජකීය යුද හමුදාවේ රියැදුරෙක් ලෙස සේවය කළ අයෙක්.
මංකොල්ලයේ ප්‍රධාන හවුල්කරුවකු වූ ගිල්බට් ඩයස් සී. ටී. සී. ආයතනයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ හොඳ දැනුමක් ලබා සිටි අයෙක්. ඒ දස වසරක් තිස්සේ ආයතනය ඇතුළත ආපන ශාලාවක් පවත්වාගෙන යෑම හරහාය.
ඔවුන් මේ මංකොල්ලය කුමන්ත්‍රණය කරන්නේ සෙනෙවිරත්නගේ මිනීපෙට්ටි සාප්පුවේ ඉඳන්. රාජපක්‍ෂ මෙයට වීරසිංහ නමැති පට්ටල්කාරයෙක් ද සම්බන්ධ කර ගන්නවා.
සොරකමින් පසු සල්ලි ගෙවන්නේ මාස හයකට පසුව බව සෙනෙවිරත්න සගයන්ට කියද්දී වීරසිංහ ඊට විරුද්ධ වෙනවා. වීරසිංහ වැන්නකු මෙවැනි කුමන්ත්‍රණයකට එක්කර ගැනීම සම්බන්ධයෙන් සෙනෙවිරත්න රාජපක්‍ෂට දොස් පවරනවා. වීරසිංහ වෙනුවට රූපානන්ද නමැත්තකු යොදවා ගන්නේ ඉන් අනතුරුවයි.
කොල්ලකරුවන් අතර පැවති යම් යම් මත ගැටුම් ආදිය නිසා කොල්ලයට සම්බන්ධ කීපදෙනෙක් පසුව මේ අපරාධය ගැන පොලීසිය දැනුවත් කරනවා.
ඒ වන විට මේ ගැන තොරතුරක් දෙන අයෙකුට රු.20,000ක ත්‍යාගයක් ප්‍රදානය කිරන බවට දන්වා තිබුණ අතර කණ්ඩායම සමග උරණව සිටි වීරසිංහ සිද්ධිය ගැන ඔත්තුව පොලිසියට ලබා දෙනවා.
මංකොල්ලයට අමතරව ජෝන් සිල්වාගේ මරණය සම්බන්ධවද කරුණු රැසක් අනාවරණය කරගනු ලැබෙනවා.
තුන්වැනි විත්තිකරු වන රාජපක්‍ෂ නඩුවේදී රාජ සාක්‍ෂිකරුවකු වශයෙන් පෙනී සිටිනවා
– නඩුව –
1950 ජනවාරි 24 දා එම විත්තිකරුවන්ට එරෙහි නඩුව විභාගයට ගැනීම ඇරඹිණි.
-තීන්දුව-
විත්ති කරුවන් අට දෙනාම වැරදිකරුවන් බව අධිකරණය තීන්දු කලා.
– ඇපෑල-
අධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනයන් ඉදිරිපත් වුව ද 1950 ජූලි 26 දා අභියාචනා පෙත්සම ප්‍රතික්ෂේප වුණා.
– දණ්ඩණය-
අධිකරණ තීන්දුව අනුව පස්වැනි විත්තිකරු විජේදාස පෙරේරා 1950 අගෝස්තු 29 දා ද, ජේමිස් සෙනවිරත්න හා වර්ලිස් මුණසිංහ පිළිවෙළින් අගෝස්තු 30 හා 31 දෙදින ද, අටවැනි විත්තිකරු ජයනන්ද ප්‍රේමලාල් සැප්තැම්බර් 1 දා ද එල්ලා මරණයට පත් කෙරුණා.
අනෙක් අයට බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම වුණා.
නඩු විභාගයේදී ජෝන් ද සිල්වා මිනීමැරීම ගැන ඉතා ගැඹුරින් වාද විවාද ඇතිවූ බවට සඳහන් වෙනවා. විශේෂයෙන් ජෝන් සිල්වාව මරා දැමීමේ පරමාර්ථයක් තිබ්බේද නැද්ද යන්න ගැන.

ජෝන් සිල්වා මිනීමැරුම සම්බන්ධ හාරලක්ෂෙ මංකොල්ලය ගැන “හාරලක්සේ” නමින් චිත්‍රපටයක්ද නිර්මාණය වී තිබෙනවා. එහි අධ්‍යක්ෂක වන්නේ ටයිටස් තොටවත්ත මහතායි. මේ චිත්‍රපටය සඳහා මේ අපරාධය සම්බන්ධ ස්ථාන වගේම යම් යම් භාණ්ඩත් යොදාගෙන තිබෙනවා. අවස්ථාවක් ලදහොත් මේ චිත්‍රපටය අනිවා බලන්නත් අමතක කරන්න එපා(මට තවම ඒ අවස්ථාව ලැබුණේ නැහැ.)

har1


No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters