මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 11 "කෙම්මුර"


කෙම්මුර විකාශය වුනේ ස්වාධීන රූපවාහිනී සේවයේ ,2001 වර්ෂයේ. නිෂ්පාදනය ලකී ඩයස් බව මතකයි.
අධ්‍යක්ෂණය මතක නෑ. 
 
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
චරිත නාම වලින් මතක
කරපිංචා සහ රාජපක්ෂ ඇත්තෝ විතරයි.
නලු නිලි කැල
මාලිණී ෆොන්සේකා
ලකී ඩයස්
ක්ලීටස් මෙන්ඩිස්
ගීතා කාන්ති ජයකොඩි
සමනලී ෆොන්සේකා
මනෝරි ෆොන්සේකා
මියුරි සමරසිංහ
වසන්ත විට්ටච්චි 
 
🎬
කතාව මතක හැටියට. 
 

 
කතාව දිවුණෙ බ්‍රිතාන්‍ය යුගයේ සිදුවූවක් ලෙසට.
ලකී ඩයස් ගමේ ආරච්චි මහත්තයා (කෝරාල හෝ මුදලි මතක නෑ ). ඔහුගෙ බිරිඳ ගීතා. මාලිණි ගමේ වෙසෙන නැකැත්, ජ්‍යෝතිෂය,ගුරුකම් ආදිය පිලිබඳ ප්‍රසිද්ධ පරම්පරාවක කතක්.
මාලිණී සහ ලකී තරුණ වියේ පෙම්වතුන්ව සිටි බව ගීතා දන්නවා. 
 
 මාලිනීගේ මල්ලි විදියට වසන්ත විට්ටච්චි රඟපෑවා. රාජපක්ෂ ඇත්තන්ට හිටියෙ ක්ලීටස් මෙන්ඩිස්. ලකී ඩයස්ගෙ මැනිකෙට ගීතා කාන්කි ජයකොඩිට රාජපක්ෂ ඇත්තෝ විට්ටච්චිට කියලා පිස්සු හදනවා. රාජපක්ෂ ඇත්තෝ එන්නෙ ගමේ නිධානයක් ගන්න. කොහොම හරි මාලිනී අක්කයි විට්ටචචි මලිලීයි තරහයි. ගමේ අහිංසක කොල්ලෙක් මේ රහස් දැනගෙන හිටියා ඒ කොල්ලා කුරුණෑගල පොල්ගහවෙල පදිංචි වෙලා හිටපු දිළිප කියලා රංගන ශිල්පියෙක්. විට්ටච්චි මියුරිට ( යක්ෂණී ) කියලා පිලිමයක් හදලා කොල්ලගෙ නමට මතුරලා ඒ කොල්ලාව ගොලු කරවනවා.
ලොකු අප්පුගේ ( ලකී ඩයස්) පරණ ප්‍රේමය
තමයි මාලිනී. කොහොමින් හරි ගමට විනාශයක් වෙන්න යනවා කියන දේ මාලිනීට තේරෙනවා. තමන්ගෙ මල්ලි තමන්ට විරුද්ධ වුනාට ලොකු අප්පු ( ලකී ඩයස්) එක්ක එකතුවෙලා ගම ගොඩ ගන්න හදනවා. රාජපක්ෂ ඇත්තො නිසා විට්ටච්චි මැරෙනවා. මාලීනී ඔහුව මලවුන්ගෙන් නැගිට්ටවලා ගෙන්නාගෙන ලොකු අප්පුගෙ නෝනටයි අර ගොලු කරපු කොල්ලටයි කරලා තියෙන බන්දනය අහගෙන ඒක අයින් කරණවා.
අන්තිමට පන්සලේ බණ මඩුවෙ රාජපක්ෂ ඇත්තොයි ලොකු අප්පුයි මුළු ගමම මංතර වලින් සටනක් කරණවා. රාජපක්ෂ ඇත්තො තවත් මංතර කාරයෙක්ව ගෙන්නනවා එයා රිචාඩ් වීරක්කොඩි. කොහොම හරි මාලිනීගෙ මංතරවලට ඔහු පරදිනවා. මුළු ගමම ලොකු අප්පුගෙන් සමාව ගන්නවා. සමනලී ෆොන්සේකාව ගොඩක් අය හදුනාගත්තෙ මේ නා⁣ට්‍යයෙන්.
මේ නාට්‍ය නැවත බලන්න හැකියාවක් තියෙනවානම් ලබා දෙන්න.. ලස්සන කතාවක්. අන්තිමට ලොකු අප්පුගෙ ගෙදර වැඩකරණ මනුස්සා රාජපක්ෂ ඇත්තන්ව දියේ ගිල්වලා මරණවා.. ❤️

කෙසේ වෙතත් මාලිණීගේ සහ මියුරිගේ රංගනය කිව යුතුමයි. මියුරි නිතර සිටියේ කඩාගත් කොන්ඩයක් සහ හිස් මුදුනේ බැඳි කුඩා කොන්ඩ ගෙඩියක් සහිතවයි. ඇගේ පෙනුම බිය ගන්වන සුලු එකක් වුනා.
මියුරි සහ මාලිණී අතට ගුරුකම් යුද්ධය මතක හිටින දර්ශණයක්. රතු වුනු ඇස්වලින් යුතුව මන්ත්‍ර මතුරන මාලිණීගේ රුව අමතක නොවන්නක්. මාලිණී වරෙක පුවත්පතකට පවසා තිබුණා එම දර්ශණය කරන අවස්ථාවේ ඇය අධික උණෙන් පෙලුනු බවත් එම උණ නිසා ඇති වුණ ස්වරූපය චරිතයට උපකාර වුන බවත්.
කෙසේ හෝ අවසානයේ සත්‍යය ජයගන්න ඇති.මට මතක නෑ.මතක කෙනෙක් මතක් කරලා දෙන්න.
මෙම ටෙලිය වෙනුවෙන් මාලිණී එම වර්ෂයේ සුමති සම්මාන උළලේ හොඳම නිලිය ලෙස සම්මාන ලබනවා.
- ආර්යන්- ✍️

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 10 "ජයතුරා ශංඛය"


මෙය ශ්‍රියාණි අමරසේනගේ නිෂ්පාදනයක් බව මතක එහි ඇය රංගනයෙන් දායක වීම සහ ඇගේ බොහොමයක් ටෙලි නාට්‍ය මෙන් මෙයද විදේශ රටවල් වලත් රූගත වීම් කර තුබූ බැවිනි. ඇත්තටම ශ්‍රියාණිගේ නාට්‍ය ලංකාවේ නාට්‍ය කලාවට නැවුම් ගතියක් ගෙන ආවේ මෙසේ විදේශ රටවල් වල රූගත කිරීම් කිරීම තුලින්. ඉන් පෙර අතිෂය දුර්ලභ ලෙස දකින්න ලැබුන විදේශ රටවල රූගත කල නාට්‍ය වෙනුවට ශ්‍රියාණිගේ නාට්‍ය ගොඩක් විදේශ රටවල රූගත වී තිබුණා.
මෙය් විකාශය වුනේ 2006-7 වර්ෂයේ . ජාතික රූපවාහිනියේ 8.30 කතාවක් ලෙස.
විකාශය වෙමින් පැවති සුදු කපුරු පෙති ටෙලි නාට්‍යය හදිසියේ වාරණය වීමත් සමග සුදු කපුරු පෙති බැලීමට වාඩි වී සිටි අපට එම ඉරිදා දකින්න ලැබුණේ ජයතුරා ශංඛයයි.
 
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
 
නලු නිලි කැල
ශ්‍රියාණි අමරසේන
බුද්ධදාස විතානාච්චි
මොරින් චාරුණී
සද්ධා උත්පලකන්ද
ජගත් චමිල
ඉන්දිකා උපමාලි
ඕෂදී හේවාමද්දුම
බන්දුල විතානගේ 
 
🎬
 
කතාව මතක හැටියට කෙටියෙන් කියන්නම්.
තෝරදෙණිය වළව්වේ උරුම කරු වුන බුද්ධදාස විතානාච්චි දැන් සිටින්නේ විදේශ රටක (ස්විට්සර්ලන්තයේ බවයි මතක ).
 
 

 
වළව්වේ වාසය කරන්නේ ඔහුගේ නැගණිය (මොරීන් ) සහ ඇගේ සැමියා (බන්දුල )
වළව්වට නරක කාලයක් උදාවන්නේ බුද්ධදාස නිසා බවයි නැගණිය හිතන්නේ.
වළව්ව පිහිටි ගමේ තිබෙන පැරණි රජමහා විහාරයක තිබුණු බලගතු වාලම්පුරියක් සොරා ගන්නා බුද්ධදාස එයත් රැගෙන තමයි ස්විට්සර්ලන්තයට යන්නෙ.ඒත් සමග වළව්වටත් ගමටත් උදා වන්නේ නරක කාලයක්. මේ නිසාම මොරීන් සිටින්නේ සිය සහෝදරයා සමග අමනාපයෙන්. ඇගේ සැමියා සිටින්නේ අසනීපයෙන් වගේ තමයි මතක. 
 

 
ස්විට්සර්ලන්තයේ සිටිනා බුද්ධදාස ඉතාම ධනවත් ව්‍යාපාරිකයෙක්. මතක විදිහට ඔහුගේ ව්‍යාපාරය මත්පැන් වර්ගයක් නිෂ්පාදනය කිරීමයි. ඔහුගෙ ධනවත් වීමේ රහස ජයතුරා ශංඛය බව කුප්‍රකට රහසක්. කාඩ් ක්‍රීඩා කිරීමට කැමති බුද්ධදාස ක්‍රීඩාවට යාමට පෙර හැම අවස්ථාවකම ශංඛය පිරිමැද තමයි යන්නෙ.ඉතිං ජය නියතයි.
ශංඛය සඟවා තිබෙන්නේ ඔහුගේ කාර්‍යාල කාමරයේ සේප්පුවක.
මේ අතරේ කිහිපදෙනෙක් මෙම ශංඛය සොරා ගැනීමට උත්සාහ කරන්නේ ධනවත් වීමට. දේශපාලකයෙකුත් මෙම ශංඛය සොරා ගැනීමට තැත් කරන්නේ සදාකාලිකව බලයේ වැජඹීමට ඇති ආසාව නිසා.ඇතැමුන් මෙම ශංඛය කියා බොරු බෙල්ලන් විකුණන හොරුන්ටත් හසු වෙනවා.
තරුණ විශ්වවිද්‍යාල සිසුවෙක් වන ජගත් චමිල පර්‍යේෂණයක් සඳහා තෝරදෙණිය ගමට එන්නේ මේ අතරේ. ඔහු තෝරදෙණිය විහාරයටත් යනවා. එහිදි නායක හාමුදුරුවන් (සද්ධා ) ගමට වුන විපත ඔහුට විස්තර කරනවා . නායක හාමුදුරුවන් විහාරගෙයි වහලය ලෙස පැවති කලු ගලේ වන විශාල පැල්මක් දක්වමින් කියන්නේ එය සිදු වුනේ ශංඛය සොරාගත් දිනයේ බවයි. මොහු විහාරයට පැමිණෙමින් සිටි අවස්ථාවේ විහාරයේ සිතුවම් අලුත්වැඩියා කරමින් සිටි තරුණියක් (ඉන්දිකා ) හමු වෙනවා. පසුව මේ දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධයක් හට ගන්නවා.

 
මේ අතරේ ජගත් වළව්වට හොරෙන් ඇතුල් වීමට සමත් වෙනවා. වළව්ව මුරකරන නාගයෙක් ජගත්ට දශ්ඨ කලත් ඔහු සිය්ල්ල දැන පෙර සූදානමින් සිටි බැවින් ඔහුට ඉන් අනතුරක් වන්නෙ නෑ.
ජගත් වළව්වට සම්බන්ධ තරුණියක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගන්නවා.
මෙහෙම වෙද්දි ජගත් ස්විට්සර්ලන්තයට යනවා. එහිදී ජගත් බුද්ධදසගේ දියණිය (ඕෂදී ) සමගත් සම්බන්ධයක් ඇතික රගන්නවා. 

 
ජගත් ලංකාවේ දේශපාලකයා විසින් ශංඛය හොරා ගැනීමට එවූ සොරෙක්. ඉන්දිකාත් ස්විට්සර්ලන්තයට පැමිණීමෙන් තුන්කොන් පෙම හසුවී ගැටලු ඇති වෙන බවත් මතකයි. ඕෂදී ලවා ජගත් ශංඛය සොරා ගන්නවා. සොරාගත් ශංඛය වෙනුවට වෙනත් ශංඛයක් තබා එය තමා අතින් බිම වැටී කැඩුනු බව පවසන්න ඕෂදීව පොලඹවනවා.කෙසෙ හෝ ශංඛය නැවත පංසලට බාර දීමට බුද්ධදාස අදහස් කර තිබුණු බවත් එහෙත් ඊට පෙර එය බිම වැටී කැඩීමෙන් බලය බිඳී ගිය බැවින් බෙහෙවින් දුක් වුනත් සිය දියණියට ඇති ආදරය නිසා එය ඉවසා සිටිනව.
 




 
කතාවේ අවසානය මතක නැත්තේ අපේ රූපවාහිනියේ ඒ කාලයේ ඇතිවූ දෝෂයක් නිසා එය කාලයක්ම පිලිසකර නොකර පැත්තකට දමා තිබූ බැවින් (අපි එයට ඇබ්බැහි වී සිටීමත් හේතුවක්).
නැවත එය පිලිසකර කරන විට කතාව අවසන් වී තිබුණා.
කතාවේ අවසානය මතක ඇත්තෙක් මතක් කර දෙත්වා .
- ආර්යන්- ✍️

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 09 "ගිගිරි වළලු"


ගිගිරි වළලු විකාශය වන්නේ 1994 පමණ, ජාතික රූපවාහිනියෙන්. අධ්‍යක්ෂණය නිෂ්පාදනය,තිරරචනාව කාගෙන්ද යන්න මට මතක නෑ මොකද මම එතකොට 2 වසරෙ. 
 
චරිත නාම මතක නෑ
රංගන ශිල්පීන්
යශෝධා විමලධර්ම - තරුණ මව
මියුරි සමරසිංහ - යශෝධාගේ මව
විමල් කුමාරද කොස්තා - යශෝධාගේ අයියා
සුනීතා විමලවීර - යශෝධාගේ නෑනා
ඇන්ජලා සෙනෙවිරත්න - නපුරු මුදලාලි හාමිනේ
සඳුන් විජේසිරි - මුදලාලි
මානෙල් වානගුරු
 
🎬
 

 
යශෝධා කියන්නෙ ගෙදර අකමැත්ත මත විවාහ වූ තරුණියක්. මේ තරුණිය නැවත මහගෙදරට එන්නෙ සැමියා මිය යන නිස තම කුඩා පුතු සමග. පුතා ඉගෙන ගන්න දක්ෂයෙක්.
යශොධා මහගෙදරට ආවත් හැමදාම නෑනගෙ අවලාද ඇනුම්පද වලට ලක්වෙනවා. මුදල් හෙවීමේ අරමුණින් යශෝධා විදේශගත වෙන්නෙ පුතා අම්මාට බාර දීලා.
මුණුබුරාට ආච්චි හරිම ආදරෙන් හිටියෙ. මේ අතරෙ නෑනට ඕන වෙනවා පුතාව වැඩකාරකමට යවන්න , යශෝධගෙ අයියා වඩ කරපු මුදලාලිගෙ ගෙදර. මානුෂික හදවතක් තිබ්බ අයියා මේකට කැමති වෙන්නෙම නෑ. දවසක් රෑ ළමය්ව අරං යන්න මුදලාලිගෙ ගෙදරින් එද්දි ළමයා ගිහින් හැංගෙනවා, හොඳටම වැස්ස වෙලාවක්. ළමයව හොයමින් යන ආච්චි වැස්සට හොඳටම තෙමෙනවා. ආච්චියි ළමයයි පඳුරක් අස්සට වෙලා ගැහි ගැහි වැස්සෙ තෙමෙන දර්ශණය මට හොඳට මතකයි.
 

 
ආච්චි අසනීප වෙලා මැරෙන්නෙ ළමයාව තවත් අසරණ කරමින්.මාමා කරුණාවන්ත උනත් නැන්දගෙ නපුරුකම් වලට ඔහුට මුහුණ දෙන්න වුනා. මේ අතරෙ අසරණ ළමයට මුදලාලිගෙ ගෙදර වැඩට යන්න වෙනවා.
මුදලාලිගෙ නෝනා යක්ෂණියක් වගේ නපුරු ගැහැණියක්. මුදලාලිගෙ දුව සහ අන්ධ පියා උන්නෙත් මුදලාලිගෙ ගෙදර. මේ පියා පැනි රස කෑම කන්න ආස උනත් මුදලාලි හාමිනේ දෙන්නෙ නෑ. වයසක මනුස්සයා ළමයව පොළඹවනවා පැනි රස කෑම හොරකම් කරන් එන්න. දවසක් මේක අහු වෙලා මුදලලි හාමිනේ උතුරන වතුර හලලා ළමයව පුච්චනවා.
ඒ දර්ශණය දෙක වසරෙ හිටි මගේ හිතේ තදින්ම බලපෑවා කියන එක කියන්නම ඕනෙ.ළමයා ඉස්පිරිතාලෙ නතර කරනවා. මේ අතරේ මුදලාලිගෙ හොර වැඩ නිසා ළමයගෙ මාමට හිරේ යන්න වෙනවා.
ඉස්පිරිතාලෙන් ළමයා පැනලා යනවා වගේ මතක.
හිඟන කන්ඩායමකට එක්කහු වෙලා සිංදු කියන්න ළමයා පුරුදු වෙනවා.
අම්මා ගැන හරිම සංවේදී සිංදුවක් කියමින් හිඟා කන හැටි මට මතකයි.
"ඈත ඉඳන් අත වනපන් අම්මේ " වගේ කොටසක් ඒකෙ තිබ්බා.
දවසක් හිඟා කකා ඉද්දි පොලිසියෙන් පන්නනවා , පන්නද්දි මේ ළමයත් එයාගෙ යාලුවත් පාළමකින් පනිනවා.යාලුවා මැරෙනවා, ළමයගෙ ඔලුවට බරපතල හානි වෙනවා. 
 

 
මේ අතරෙ රට ඉඳන් එනවා යශෝධා.එද්දි අම්මා මැරිලා, අයියා හිරේ, ළමයා නෑ. ළමයව හොය හොයා එයාගෙ යාලුවෙක් (මානෙල් වානගුරු ) එක්ක පාරක් පාරක් ගානෙ යනවා යශෝධා. පස්සෙ නෑනත් මේකට එක්කහු වෙන්වා වගේ මතකයි (ඒ වෙද්දෙ නෑනගෙ නපුරුකම් අඩු වෙලා ).
අන්තිමේ යශෝධට ළමයව හම්බ වෙනවා ලමා නිවාසෙකදි. ඒත් ළමයට යශෝධව මතක නෑ.
යශෝධව දකින ළමයා දුවලා ගිහිං කාමරේක ගැංගෙනවා. කාමරේ දොර ගාවය වෙලා යශොධා අඬන දර්ශණයෙන් කතාව ඉවරයි වගේ මතක. 
 
 
මේක ඉතාම අනුවේදනීය කතාවක්.
ළමයින් නෑදෑයන් ලඟ තබා රටවල් වල යන දෙමාපියන්ටත් ඒ ළමයින්ටත් අත් වෙන ඉරනම ගැන හොඳින්ම පෙන්වපු නාට්‍යයක්. කොටස් 10-12 ක කතාවක්.
නැවත විකාශයක් වුනාද කියන්න මතක නෑ.
- ආර්යන්- ✍️

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 08 "නන්නාඳුනන්නී"

 

මෙය තරමක් ත්‍රිලර් සහ රහස් පරීක්ෂක අක්කාරයට දිවුන අනුවේදනීය ආදර කතාවක්.
අතීතාවර්ජනයක් සහ වර්තමාන සිද්ධි අතර මිශ්‍රණයක් ලෙස කතාව ගෙතී තිබුණා.
විකාශය වුනේ ජාතික රූපවාහිනියෙ . 2001 පමණ 
 
චරිත නාම මතක නෑ.
රංගන ශිල්පීන්
චාන්දනී සෙනෙවිරත්න
ලකී ඩයස්
පාලිත සිල්වා
රෝහන බැද්දගේ
සීතා කුමාරි
 
🎬
කතාව පටන් ගන්නෙ මුහුදෙ ගසාගෙන ආපු නාඳුනන මල සිරුරකින්.
චාන්දනී සහ ලකී ඩයස් විවාහ වෙලා හිටියෙ. එය අසාර්ථක විවාහයක්. ලකී ඩයස් ගැවසෙන ඉංග්‍රීසි පන්නයේ ඉහල සමාජයට සාමාන්‍ය කාන්තාවක් වුන චාන්දනීගෙ හැසිරීම් ගැලපුනේ නෑ.
මේක කෙලවර වෙන්නෙ ලකී ඩයස් චාන්දනීව අත් හැරලා වෙනම ජීවත් වෙන්න යන එකෙන්. 
 

 
මේ අතරේ චාන්දනී සහ පාලිත මුනගැහෙනවා (කොහොමද මතක නෑ ) දෙන්නා අතරේ සම්බන්ධතාවය ගොඩ නැගෙනවා.
දවසක් චාන්දනී සහ පාලිත යනවා හුම්මානය බලන්න. එතනදි පාලිත චාන්දනීට propose කරනවා. චාන්දනී ඒකට කැමති වෙනවා.
කැමති වෙලා පිටි පස්සෙන් පස්සට ගිහින් අතේ දාලා තිබ්බ මගුල් මුද්ද ගලවලා බිම දානවා. පාලිත චාන්දනී දිහාත් චාන්දනී පාලිත දිහාත් හිනා වෙවී බලං ඉද්දි පිටුපස්සෙන් එන ලොකු රල පහරකට අහු වෙන චාන්දනී ගල් පර අතරින් ඇද වෑටෙන්නෙ හිතා ගන්නත් බැරි වේගයෙන්.
චාන්දනීගෙ සාරියෙන් ඉරුනු කොටසක් රලත් එක්ක ආපහු උඩට වීසි වෙනවා.
කරකියා ගන්න දෙයක් නැති වුන පාලිත එතනින් දුවනවා.
කතාක මේ විදිහට දිගටම අඛන්ඩව ඇදෙන එකක් නෙමේ.අතරින් පතර මිනී මැරුම් පරීක්ෂණ, සැකය ලකී ඩයස්ට සහ ඔහුගේ පෙම්වතියට එල්ලවීම් , පාලිත පස්සෙන් පොලිසිය පැන්නීම වැනි දෑ අතරින් පතර පෙන්නමින් තමයි කතාව ගලා යන්නෙ.
අවසානයේ පාලිත හැංගෙන්න තීරණය කරන යාලුවගෙ ගෙදර ඉද්දි යාලුවගෙ නෝනා (මතක විදිහට සුසන්තා චන්ද්‍රමාලි ) පත්තරේක හෝ රූපවාහිනියෙ දකිනවා පාලිත ගැන . එතනදි යාලුවා අහන දේට තමයි පාලිත අවසාන සිද්ධි පෙල විස්තර කරන්නෙ.
කතාව අවසාන වෙන්නෙ ලකී ඩයස්ගේ නව බිරිඳ ලකීගේ සහ චාන්දනීගේ පුතාව පාසලට ඇරලවා අත වනන දර්ශණයකින් බව තමයි මතක.
මේක ඒ දවස් වල සෑහෙන ජනප්‍රිය වුන නාට්‍යයක්. කොටස් 10-15 ත් අතර ගාණක්. සරලයි ලස්සනයි
කතාව දිග ඇරුනු විදිහ කතාව බලන්න පොළඹවපු එකක් බව නම් කියන්නම ඕනෙ. එක දිගට සිද්දිය පෙන්නනවට වඩා එහි කුතුහලයක් තිබුනා.
චාන්දනී මැරෙන දර්ශනයත් මට නම් අමතක කල නොහැකිම දර්ශනයක්. 
 
- ආර්යන්- ✍️

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters