මනඃකල්පිත භාෂා



මනඃකල්පිත භාෂා කියන්නෙ මිනිස්සු හැබෑවටම පාවිච්චි කරන භාෂාවල් නෙමේ.සිනමා හෝ රූපවාහිනී නිර්මාණ සඳහා හෝ නවකතා සඳහා නිර්මාණය වුණ භාෂාවන් මනඃකල්පිත භාෂා ලෙස හඳුන්වන්න පුළුවන්.
ජනප්‍රිය සිනමා හා රූපවාහිනී නිර්මාණ කිහිපයක් වෙනුවෙන් නිර්මාණය වුණ මනඃකල්පිත භාෂා කිහිපයක් ගැනයි මේ.

1. පාර්සල්ටං/Parseltounge


මෙම භාෂාව නිර්මාණය වන්නේ සුප්‍රකට හැරීපොටර් නවකතා මාලාවෙන් නිර්මාණය වුණ හැරීපොටර් සිනමාපට මාලාව සඳහා Dr.Francis Nolan විසින්. සිනමාපට මාලාවේ සර්පයන් සහ සර්පයන් පාලනය කිරීම සඳහා මායාකරුවන් විසින් භාවිතා කරන්නේ මෙම භාෂාවයි. Harry Poter and the Chamber of Secrets හි හැරී විසින් නාගයෙක් මෙල්ල කරන්නේ මෙම භාෂාව භාවිතා කරමින්.

2. වලිරියන් /Valyrian


මෑතකදී අපට වලිරියන් භාෂාව අසන්න ලැබෙන්නෙ අතිෂය ජනප්‍රිය ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතා මාලාවේය.එහෙත් මුලින්ම වලිරියන් භාෂා නිර්මාණය වන්නේ ආර්.ආර්.ටෝකීන්ස් ගේ ද ලොර්ඩ් ඔෆ් ද රිංස් කතා මාලාව උදෙසා 1930 දශකයේදීය.ඒ Middle earth වාසීන් විසින් භාවිතා කල භාෂාව ලෙසයි.එහෙත් එය හුදෙක් අක්ෂර සඳහා සීමා වුණා මිස සිනමාපට මාලාවේ එම භාෂාවෙන් කතාකරනු අපිට දකින්න ලැබුණෙ බොහොම අඩුවෙන්.ටෝකීන්ස් විසින් වලේරියන් (Valarian) ලෙස හැඳින්වූ භාෂාව මාර්ටීන් වෙත එනවිට වලිරියන් (Valyrian ) බවට පත්ව තිබුණා. මාර්ටීන් සිය ජනප්‍රිය ෆැන්ටසි නවකතා මාලාව වන A song of Ice and Fire වෙනුවෙන් වලිරියන් භාෂාව යොදාගත්තා.
GOT කතා මාලාව වෙනුවෙන් සම්පූර්ණයෙන්ම වචන මාලාවක් සහ ව්‍යාකරණ සහිතව වලිරියන් භාෂාවක් නිර්මාණය වෙනවා. මෙය සිදුවන්නේ ජෝර්ජ් ආර්.ආර්.මාර්ටීන් සහ ඩේවිඩ් ජේ.පීටර්සන් අතින්. වලිරියන් යනු කතා මාලාවට අනුව මල භාෂාවක් වුවත් උසස් වංශවතුන් අතර භාවිතා වන භාෂාවක්.මේ වන විට අන්තර්ජාලය හරහා වලිරියන් හදාරන්නන්ද බිහිකී තිබෙනවා.
My name is Amila Aryan

"“valar morghulis,” vestas.
“valar dohaeris,” ..."

Brōzio ñuha iksis amila aryan



3. ඩොත්රාකි/Dothraki



                                       (George R.R.Martin )
ඩොත්රාකි ද GOT වෙනුවෙන් ජෝර්ජ් ආර්.ආර්.මාර්ටීන් සහ ඩේවිඩ් ජේ.පීටර්සන් අතින් නිර්මාණය වූ භාෂාවක්.ඩෙනේරිස් ටාගේරියන් සහ ඇය යටතේ සිටින ඩොත්රාකි ගෝත්‍රිකයන් භාවිතා කරන්නේ මෙම භාෂාවයි.වලිරියන් මෙන්ම ඩොත්රාකි ද සම්පූර්ණ වචන මාලාවක් සහ ව්‍යාකරණ සහිත භාෂාවක් ලෙස නිර්මාණය වී තිබෙනවා.

My name is Amila Aryan
Anna hake ajjin amila aryan


4. මිනියනීස්/Minionese


මිනියන්ස් ඇනිමේෂන් කතාමාලාව වෙනුවෙන් නිර්මාණය වූ භාෂාවකි මිනියනීස්. ඉංග්‍රීසි භාෂාවේ ඇතැම් වචන වෙනස් අකුරු යොදා ගනිමින් බෙහෙවින්ම මෙම භාෂාව නිර්මාණය වී තිබෙනවා. උදා. ඇප්ල් වෙනුවට බැප්ල් ලෙස.

My name is Amila Aryan
Mi nomba tis amila aryan

5. එල්විෂ්/Elvish 

මනඃකල්පිත භාෂාවන් ලොවට වැඩි වශයෙන්ම හඳුන්වා දී තිබෙන්නේ ආර්.ආර්.ටෝකීන් විසිනි.


                                                     (R.R Tolkein)
එල්විෂ් යනු ඔහු විසින් එසේ හඳුන්වා දුන් තවත් එක් භෂා පවුලක්. හොබිට්ස් සහ ද ලොර්ඩ් ඔෆ් ද රිංස් නවකතා මාලාව වෙනුවෙන් ඔහු එල්විෂ් භාෂා පවුලේ විවිධ භාෂාවන් යොදා ගත්තා.

• Quenya
• Exilic Quenya
• Sindarin
• Telerin
• Nandorin
• Avarin

යනු එල්විෂ් භාෂා පවුලේ භාෂාවන් ය.
ටෝකීන්ස් විසින් නිර්මාණය වුණු මෙම එල්විෂ් භාෂාවන් පසු කලෙක වෙනත් වෙනත් පුද්ගලයන් විසින් වචන, ව්‍යාකරණ සහ නව භාෂාවන් එක් කරමින් වර්ධනය වී තිබෙනවා.

• Eleven
• Ellylon
• Hen linge
• Eltharin
• Sperethiel
• Gnommish
• Mer
• Shiväisith
• Övüsi

එවන් පසුව වර්ධනය වූ භාෂාවන් කිහිපයක්.එල්විෂ් භාෂාවන් නිර්මාණය සඳහා ලතින්,ස්පාඤ්ඤ ,ජර්මානු,වෙල්ෂ් භාෂා වල ෂබ්ධ සහ වචන ණයට ගෙන තිබෙනවා.
ටෝකීන් ගේ කෘතීන් හි එල්විෂ් භාෂා සහ වැල්රියන් භාෂා ලියවෙන්නේ Tengwar සහ Cirth අක්ෂර මාලාව උපයෝගී කරගෙනයි.
බලමුදුවේ පිටත සහ ඇතුළත දකින්න ලැබෙන වැල් අකුරු මෙන් පෙනෙන අමුතු අක්ෂර Tengwar අක්ෂරයි.


මෙය ටෝකීන් ගේ විශෙව්ෂත්වයක්. මෙම ලිපියේ සඳහන් වන අනෙක් මනඃකල්පිත භාෂා සියල්ලම ලියවෙන්නේ ඉංග්‍රීසි හෝඩියේ අක්ෂර සහ සංඛෙත භාවිතයෙන් වුවත් ටෝකීන් විසින් නිර්මාණය වුණ භාෂාවන් වෙනුවෙන් වෙනම අක්ෂර මාලාවක්ද නිර්මාණය වී තිබෙනවා.ටෝකීන් මොන ජාතියේ මිනිහෙක්ද කියලා හිතන්න ඒකම මදිද!

6. හටීස්/Huttese

හටීස් භාෂාව නිර්මාණය වන්නේ ස්ටාර් වෝර කතා මාලාව වෙනුවෙනුයි.එහි සිටින 'හට්' වරුන් යටතේ පාලනය වන ග්‍රහලෝක වාසීන් භාවිතා කරන්නේ හටීස් භාෂාවයි.


7.මංගානි/Mangani

මංගානි භාෂාව නිර්මාණය වන්නේ එඩ්ගාර් රයිස් බරොස් විසින් ලියවුන ටාර්සන් කතාමාලාව වෙනුවෙනි.එහි වානරයන් වහරන භාෂාව මංගානි භාෂාව වේ.

8. නිව්ස්පීක්/Newspeak


ජෝර්ජ් ඕවෙල් විසින් 1949 දී රචිත The Ninteen Eighty Four නවකතාවේ එන ඕෂනියාහි භාවිතා වන භාෂාව නිව්ස්පීක් වේ.

9. නා'වි/Na'vi 

Paul Prommer විසින් නා'වි භාෂාව නිර්මාණය කරන්නේ 2009 අතිෂය ජනප්‍රිය සිනමා නිර්මාණයක් වූ ඇවටාර් හි එන පැන්ඩෝරා වාසීන්ගේ භාෂාව ලෙසයි.

I am Amila Aryan
Tutee amila aryan


10. ක්ලින්ගන්/Klingon

Star Trek කතා මාලාවේ star trek universe හි භාෂාව වන්නේ ක්ලින්ගන් භාෂාවයි.

තව විවිධ නවකතා සහ සිනමා හෝ ටෙලි නිර්මාණ වෙනුවෙන්ම නිර්මාණය වූ භාෂාවන් විශාල ප්‍රමාණයක් තියෙනවා.හොයලා බලන්න.

4 comments:

  1. සුභ අලුත් අවුරුද්දක්.
    මීට අවුරුදු විසිපහකට පමණ පෙර මගේ දුවට FURBY කියා හඳුන්වන සෙල්ලං සතෙක් (මතක හැටියට බස්සෙක් වගේ එකෙක්) අරං දුන්නා. ඒ කාලේ කුඩා ළමයින් මේ සතා ගැන ගැන පිස්සු වැටිලා හිටියා කිව්වොත් නිවැරදියි. මේ සතා කතා කරන්නේ FURBISH කියන භාෂාවයි. මේ සත්තු එක්ක සෙල්ලම් කරන ළමයිනුත් ඒ භාෂාව කතා කරමින් සෙල්ලම් කරන්න පුරුදු වෙලා හිටියා.

    ReplyDelete
  2. කතාවක් ගැටගහගන්න කොච්චර අමාරුද? මේ මිනිස්සු ෆැන්ටසි කතා මාලාවල් ගැටගහල, ඒ මදිවට අංගසම්පූර්ණ භාෂාවනුත් හදනව කිව්වම, ඒ මිනිස්සු කොයිතරම් නිරවුල් මනසකින් ඉන්නවද කියල හිතාගන්න ඇහැකි.

    ReplyDelete
  3. ස්තුති.ඒ ගැන දැනං හිටියෙ නෑ.

    ReplyDelete

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters