Beyond Reasonable doubt,සාධාරණ සැකයෙන් ඔබ්බට......21 - "අපායේ දින හතලිහක්"



(අතිෂය කෲර ක්‍රියාකාරකම් විස්තර වේ)


යකුසා ( Yakuza  ) කියන්නෙ ජපානයෙ සුප්‍රකට , අපරාධ සම්බන්ධ සංවිධානයක්. 1980 දශකයේ අග භාගයේ ජපානයේ යෂිඕ මිනාමි උසස් පාසලේ මෙම සංවිධානයට සම්බන්ධකම් ඇති  හිරොෂි මියානෝ ඉගෙන ගනිමින් සිටියා. මේ කාලෙම මේ පාසලේ ඉගෙන ගත් ජුන්කෝ ෆුරුටා රූමත් යුවතියක් නිසාම ඈ වෙට පාසලේ සිසුන්ගේ අවධානය යොමු වුණා වගේම හිරෝෂිගෙ අවධානයත් යොමු වුණා.එහෙත් දුසිරිතෙන් වැසී ගිය හිරෝෂිගේ ප්‍රේමාරාධනාවන් ජුන්කෝ පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කලා.. මෙසේ කිහිප විටක්ම ප්‍රතික්ෂේප වීම නිසා මැරකමට ප්‍රසිද්ධ හිරෝෂිට ලැජ්ජාවක් ඇති වුණා සහ ඒත් එක්කම ජුන්කෝ විනාශ කිරීමෙ අවශ්‍යතාවක් ඇති වුණා.(මෙතැන් සිට කතාව නඩුවේ දී ලබා දුන් සාක්ෂි හා ප්‍රකාශ අණුව පෙළ ගැසෙන්නකී



1988 නොවැම්බර් 25 හිරෝෂි මියානෝ සහ ඔහුගේ මිත්‍ර නොබුරු මිනාටෝ ,මිසාටෝ ප්‍රදේශයේ සැරිසරමින් සිටියේ ඔවුන්ගේ කාමාශවන් සංඉඳුවා ගැනීමට ගොදුරක් සොයමින්. මෙම අවස්ථාවේ රාත්‍රී 8.30 ට පමණ ජුන්කෝ පාපැදියෙන් ඇගේ නිවස බලා යමින් සිටියේ ඇගේ අර්ධ කාලීන රැකියාව නිමවායි. දෙවරක් නොසිතූ මියානෝ මිනාටෝට කියා සිටියේ ජුන්කෝව පැහැර ගෙන යාමට උදවු කරන ලේසයි.ඒ අනුව ක්‍රියාත්මක වුණු මිනාටෝ ජුන්කෝගෙ බයිසිකලයට පහරක් ගසා ඈව ඉවතට ඇද දමා බයිසිකලය රැගෙන යනවා. මේ අවස්ථාවේ අසල සැඟවී සිටි මියානෝ හොඳ පුද්ගලයෙක් ලෙස පැමිණ ඈව නිවසට ඇරලවීමට ඉදිරිපත් වෙනවා. කිසිවක් නොදන්නා ජුන්කෝ රාත්‍රියේ ආරක්ෂාවක් නොමැති බැවින් මියානෝ සමග ඇවිදන් යනවා.එහෙත් ඈ දැනන් සිටියේ නෑ ඈ මේ යන්නෙ අපාය වෙතට බව. මද දුරක් ගිය තැන බලහත්කාරකමින් ජුන්කෝ ව අසල වූ ගබඩාවකට ඇදගෙන යන මියානෝ එහිදී ජුන්කෝට සිය යකුසා සම්බන්ධකම් පවසා ජුන්කෝව බිය වද්දවා ඈව දූෂණයට ලක් කරනවා.ඉන් පසු ලඟ තිබෙන හෝටලයකට ඈව රැගෙන යන මියානෝ එහිදීද ජුන්කෝව දූෂණයට ලක්කරනවා. හෝටලයේ දුරකතනයෙන් මිනාටෝ සහ තවත් මිතුරන් කිහිප දෙනෙකු වන ජෝ ඔගුරා සහ යෂිශි වටනඹේ අමතනවා.මෙම පිරිස මීට පෙරද මෙවන් කටයුතු වලට ප්‍රසිද්ධියක් ඉසිලුවත් යකුසා සම්බන්ධකම් නිසා කිසිවෙක් ඔවුන්ට එරෙහිව ඉදිරිපත් වුණේ නෑ.
                           (Hiroshi Miyano then and now )


පසුදින පාන්දර 3.30 ට පමණ මියානෝ ජුන්කෝව ආසන්නයේ වූ උද්‍යානයකට රැගෙන යනවා. එහි මිනාටෝ, ඔගුරා සහ වටනඹේ ඔවුන් එනතුරු බලා සිටිනවා. එහිදී ඔවුන් ජුන්කෝට පවසා සිටින්නේ ඇය පලා යාමට උත්සාහ කලොත් යකුසා විසින් ඇගේ පවුලම මරාදමනු ලබනු ඇති බවයි.පසුව ඔවුන් ජුන්කෝව අදාචි හි අයාසේ දිස්ත්‍රික්කයේ පිහිටි මිනාටෝ ගෙ දෙමාපියන්ට අයත් නිවසකට රැගෙන ගොස් සමූහ දූෂණයට ලක් කරනවා.
නොවැම්බර් 27 දින ජුන්කෝ ගේ දෙමාපියන් ඇගේ අතුරුදන් වීම ගැන පොලිසියට වාර්තා කරනවා. මේ අතර දෙමාපියන්ට කතා කරන ජුන්කෝ පවසා සිටින්නේ ඇය යහතින් සිටින බවයි, එහෙත් ඈ එසේ පවසන්නෙ දූෂකයන්ගේ වද දීම් වලට බිය වූ බැවිනි.
මොවුන් නිවසේ සිටින විට මිනාටෝගෙ දෙමාපියන්ද එහි පැමිණි මුත් මිනාටෝ පවසා සිටියේ ජුන්කෝ ඔහුගේ පෙම්වතිය බවයි.
පසු කලෙක සාක්ෂි ලබා දීමේදී මිනාටෝ ගේ දෙමාපියන් පවසා සිටියේ ඔවුන්ගේ පුතා ඔවුන්ට පවා පහර දෙන දරුණු පුද්ගලයෙක් වූ බැවින් සහ ඔහු හා මිතුරන් යකුසා සමග පැවැති සම්බන්ධතා දන්නා බැවින් ඊට මැදිහත් නොවී සිටි බවයි.

දින හතලිහක් තිස්සේ ඔවුන් ජුන්කෝට සිතා ගැනීමටවත් නොහැකි වද දුන්නා. ඔවුන් පමණක් නොව , ඔවුන් දන්නා අනෙකුත් යකුසා සාමාජිකයනුත් නිවසට ගෙන්වාගෙන ඔවුන්ටත් ජුන්කෝ මාර්ගයෙන් විනෝදය ලබා ගැනීමට ඉඩ සලසා දුන්නා.

නඩුවේදි ලබා දුන් සාක්ෂි අනුව ඔවුන් විසින් දින හතලිහක් තුල ජුන්කෝව 400 වතාවක් පමණ දූෂණයට ලක් කර තිබුණා.
ඔවුන් ජුන්කෝට ලබා දුන් වද කිහිපයක් සඳහන් කලහොත්,
- දැල්වෙන විදුලි බුබුලු, යකඩ කූරු, නිලාකූරු වැනි දෑ ඇගේ රහස් අවයව වලට ඇතුළු කිරීම
- ලයිටර වල තෙල් කකුල් වලට දමා කකුල් පුළුස්සා දැමීම
- කකුල් ඇඟිලි තලා දැමීම
- ව්‍යායාම කිරීමට භාවිතා කරන ඩම්බෙල් ඇගේ ඇඟට අතහැරීම
- දෙකකුලින් සිවිලිමක එල්ලා පන්චිං බෑගයක් ලෙසට පහර දීම
- කැරපොත්තන් ආහරයට බල කිරීම
- ඇගේම මුත්‍රා පානය කරවීම
- රහස් අවයව සිගරට් වලින් පිලිස්සීම
- ඇහි පියන් වලට උණු ඉටිපන්දම් කිරි වැක් කිරීම
- පියයුරු තුවාල කිරීම සහ වම් පියයුර ඉදි කටු වලින් මැසීම


ජුන්කෝ, මෙවන් දහසකුත් එකක් නොලිවිය හැකි ආකරයේ වද බන්ධන විඳිමින් මරණය ආයාචණා කරමින් සිටිද්දී මිනාටෝගෙ නිවසට පොලිසියෙන් පැමිණෙන්නේ කණ්ඩායමේ සිටියෙක් වන ඉහාරෝ ඔහු කල කී දෑ සහෝදරයාටත් සහෝදරයා ඔවුන්ගේ දෙමාපියන්ටත් දෙමාපියන් පොලිසියටත් පැවසීමේ ප්‍රතිඵලයක් ලෙසයි. මිනාටෝගෙ නිවසට පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ගියත් ඔවුන්ට පවසා  සිටින්නේ නිවසේ එවන් කිසිවෙකු නොමැති බවයි, එසෙ පවසා ඔවුන්ටම ඇවිත් පරීක්ෂා කරන ලෙස ආරාධනා කෙරෙනවා. ඒ ආරාධනාවම , නිවස තුළ එවන් කිසිවෙකු නැති බවට සාක්ෂියක් ලෙස සිතන පොලිස් නිලධාරීන් පරීක්ෂා නොකරම පිටව ගිය බව වාර්තා වෙනවා.. ඇගේ අවාසනාවමැයි...(පසු කාලයේ මෙම නිලධාරීන්ට නිවසින් පිටතට යාමටත් නොහැකි වන ලෙස සමාජයෙන් විශාල විරෝධයක් එල්ල වෙනවා ). මේ වන විට ජුන්කො දින දහසයක් අපා දුක විඳ තිබුණා.
1988 දෙසැම්බර් මස මුලදී ජුන්කෝ පළමු වරට පොලිසියට කතා කිරීමට උත්සාහ කලත් මියානෝ දුටු බැවින් කිසිවක් පැවසීමට හැකියාවක් ලැබෙන්නේ නෑ. ඒ සමගම පොලිසිය නැවත වතාවක් මිනාටෝ ගෙ නිවසට ඇමතුවත් ඔවුන් පවසා සිටින්නේ එය අත් වැරදීමකින් සිදු වූවක් බවයි.ඇගේ කකුල් වලට ලයිටරයේ තෙල් දමා ගිණි තබන්නේ මෙයට දඬුවමක් ලෙසයි.ඉන් නොනැවතුන ඔවුන් ඇගෙ රහස් ප්‍රදේශයට විශාල බෝතලයක් ඇතුළු කිරීම නිසා විශාල ලේ වහනයක්ද සිදු වී තිබෙනවා. මේ වද වලින්ද මරණයට පත් නොවුන ජුන්කෝව ඉන් පසුත් දිගටම වද බන්ධන වලටත් , සමූහ දූෂණයටත් ලක් වුණා. දැඩි ශීත කාලයේ ඔවුන් ඇයව රාත්‍රියේ බැල්කනියේ නිදා ගැනීමට සැළැස්වූවා. ඇය විටෙක ශීතකරණයෙ දමා වසා දමා තිබීමද සිදු කලා.
ඇගේ සිරුරී වුණු දහසක් තුවාළ සහ පිලිස්සුම් කුණු වී දුගඳ හැමීම නිසා තව දුරටත් අපරාධ කාර තිරිසනුන් ඇයව දූෂණය කිරීම නවතා දමනවා.
1989 ජනවාරි 4 දින ඇය සමග 'මහ්ජොං' නමැති ක්‍රීඩාව කිරන තිරිසනුන් ඉන් ඇය දිනුවොත් ඇයව නිදහස් කරන බව පවසා සිටිනවා, මරණය හා ජීවිතය අතරින් තව දුරටත් ජීවිතයම වටිනා බව සිතන ඇය මෙතැනින් මිදී යාමේ අරමුණින් ක්‍රීඩාවී යෙදෙනවා..ඇගෙ අවාසනාවට ඇය එම ක්‍රීඩාව දිනන්නේ තිරිසනුන් කුපිත කරමින්. ඔවුන් ඇයට ව්‍යායාම කිරීමට යොදා ගන්නා "බාර් බෙල් ' හි යකඩ බාර් එකෙන් පහර දෙනවා,ඇහි පියන් මතට උණු ඉටි වක් කරනවා, කකුලින් ඇයව එල්ලා ඔංචිල්ලාවක් සේ ඒ මේ අතට පද්දවනවා... මෙම අවස්ථාවේ ලණුව කැඩී බිමට වැටෙන ඇය විශාල ලේ වහනයක් සහ තුවාල පුපුරා සැරව වහනයක් සමගින්ම කම්පණයට පත් වෙනවා. දෑත් ප්ලාස්ටික් බෑග් වලින් ආවරණය කර ගන්නා තිරිසනුන් ඇයට දිගටම පහර දෙනවා... පහර දෙන අතරේ විටින් විට ඇයව පුළුස්සනවා.. මෙසේ දෙපැයක් පහර දීමෙන් පසුව දරා ගැනීමේ හැකියාව තව දුරටත් දරා ගත නොහැකි තැන ජුන්කෝ මිය යනවා...

මරණයෙන් පැය 24 කට පසුව මිනාටෝගෙ සහෝදරයා මිනාටෝ අමතා පවසා සිටින්නේ ඇය මිය ගිය බවයි. පොලිසියට අසු වේ යැයි බියෙන් ඔවුන් ඇයව සැඟවීමට සැළසුම් කරනවා.ඇගේ සිරුර බ්ලැන්කට් වලින් ඔතනා ඔවුන් එදිනා රාත්‍රී 8 ට පමණ එය රැගෙන ගොස් බැරලයක් තුළට දමා එයට කොන්ක්‍රීට් දමනවා. පසුව එය සිමෙන්ති මිශ්‍ර කරන විශාල ටැංකියක් සහිත වාහනයකට දමනවා.

අත්අඩංගුවට

1989 ජනවාරි 23 දින හිරොෂි මියානෝ සහ ජෝ ඔගුරා අත්අඩංගුවට පත් වන්නෙ 19 හැවිරිදි යුවතියක් දූෂණය කොට මරා දැමූ අවස්ථාවේයි. එහිදී පරීක්ෂණ පැවැත්වූ පොලිස් නිලධාරීන්ට ඔවුන්ගේ ඇඳුම් සමග තිබුණු ජුන්කෝගේ යට ඇඳුමක් හමු වීම සමග සැකයක් එල්ල වෙනවා. ඒ සමගම පොලිස් නිලධාරීන්ට , ජුන්කෝගෙ අතුරුදන් වීමට මොවුන් සම්බන්ධ විය හැකි බවට සැකයක් ඇති වීමෙන් පසු සිදු කල ප්‍රශ්න කිරීම් හමුවේ ජෝ' ඔගුරා පාපොච්චාරණය කර සිටිනවා, ඔවුන් කල අපරාධය.
පොලිසිය විසින් පසු දිනම ජුන්කෝගෙ සිරුර දැමූ කොන්ක්‍රීට් බැරලය සොයා ගන්නවා. ඇයව හඳුනා ගන්නෙ ඇගේ ඇඟිලි සළකුණු වලින්.
1989 අප්‍රේල් 1 දින ජෝ' ඔගුරාට එරෙහිව තවත් දූෂණ චෝදනාවකුත් , ඉන් පසු තවත් එකකුත් බැගින් චෝදනා කිහිපයක් එල්ල වුණා. මොවුන්ගේ අණාවරණයන් අනුව පසුව යෂුශි වටනඹේ සහ නොබුරු මිනාටෝ ඔහුගේ සහෝදරයාද සමගින් අත් අඩංගුවට ගැනෙනවා.
පසුව අත් අඩංගුවට ගැණුනු ටෙට්සුකෝ නකමුරා සහ කොඉචි ඉහාරා ගේ  ජුන්කෝගේ සිරුරෙන් හමුවූ  සාක්ෂි සමග සැසඳුනා.

නඩුව
මොවුන්ට එරෙහිව අධිකරණයේ පැවරුණු නඩුවේදී ඉහතින් සඳහන් කල සිද්දියට අදාල ප්‍රකාශ සහ සාක්ෂි ඉදිරිපත් කෙරුණා. එහෙත් අධිකරණයට මුහුණ දීමට සිදු වුණ ගැටළුව නම් මොවුන් ඒ වන විටත් වයස 18 ට අඩු බැවින් නීතියෙන් දඳුවම් ලබා දීමට තිබුණු නොහැකියාවයි.

ශරීරයට සිදු කල බරපතල බාහිර හා අභ්‍යන්තර තුවාළ කරණ කරගෙන සිදුවූ මරණයක් , යන චෝදනාවට සියලුම අපරාධ කරුවන් සිය වරද පිලිගත්තේ එය මිණීමැරීමක් නොවන ලෙසයි. ( අහෝ !)

තීන්දුව

1990 ජූලි මසදී අධිකරණයෙන් හිරෝෂි මියානෝ වරද කරු(18) කරමින් වසර 17 ක සිර දඬුවමක් තීන්දු කරනව (?! )..
නොබුරු මියානෝ (16) වසර හතර සිට හය තෙක් සිර දඬුවමක් තීන්දු කරනවා.මිනාටෝගෙ සොහොයුරා වරද කරුවෙක් ලෙස තීන්දු කරන්නේ නෑ (?! )
යෂුශි වටනඹේ (17) වසර තුන සිට හතර තෙක් සිර දඬුවමක් තීන්දු වෙනවා.
ජෝ' ඔගුරා(17) වසර 17 ක පරිවාස දඬුවමකට තීන්දු කෙරෙනවා.

ඇපෑල
හිරෝෂි මියානෝ සහ නොබුරු මිනාටෝ මහාධිකරණයේ අභියාචණයක් කලද , මහාධිකරණ විනිසුරු ර්යුජි යනාසේ විසින් පහල අධිකරණයෙ තීන්දුව සනාත කරමින් අතිරේකව මියානෝට වසර 3 ක් සහ මිනාටෝට වසර පහ සිට නවය තෙක් සිර දඬුවම් තීන්දු කරනවා.. මේ අනුව මියානෝගෙ සිර දඬුවම වසර 20 ක් ( ජීවිතාන්තය තෙක් සිර දඬුවමට පසුව තිබෙන ලොකුම දඬුවම ) සහ මිනාටෝ ගේ සිර දඬුවම වසර නවය සිට පහළව තෙක් දීර්ඝ වෙනවා.

මිනාටෝගේ මව විසින් ඔවුන්ගේ දේපළ විකුණා ජුන්කෝ ගේ දෙමාපියන්ට යෙන් මිලියන 50ක වන්දියක් ගෙවන්නේ ජුන්කෝ ගෙ දෙමාපියන් විසින් ඔවුන්ගෙ නොසැළකිලිමත් භාවයට විරුද්ධව පැවරූ සිවිල් නඩුවකින් ලද තීන්දුවකට අනුවයි.

මෙම දඬුවම් කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව එවක ජපානය පුරාම පිළිගැනීම වුනා...

පසු කාලෙකදී මොවුන් නිදහස් ව පසුවත් විවිධ ආකාරයේ අපරාධ වල යෙදුන බව වාර්තා වෙනවා. එක් අයෙක්ට මානසික රෝගයක් වැළඳෙන්නේ ජුන්කෝට දුන් වද බන්ධන නිතර මතක් වීමෙන්.

1989 අප්‍රේල් 02 දින ජුන්කෝගෙ අවසාන කටයුතු සිදු කල



The Court is adjourned !


No comments:

Post a Comment

another chapter..........

මිහිරී මතකයේ රැඳී... 📻🎵📺🎬🎥📽️🎞️🕣 14 "සුර අසුර"

  වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ වියෝ වී මිහි මඬල ඉකි බිඳී රලු සුළඟ සේ අළු යටින් මතු වී ඇවිලෙනා ඇවිලෙනා නොනිවි ගින්නක් වී ඉකි බිඳී මි...

popular chapters