ඉන්දියාවෙ සමහර ප්‍රානත සහ සමහර ප්‍රදේශ ඉතිම වියලි දේශගුණයක් තියෙන ප්‍රදේශයි… මේ ප්‍රදේශ වලට ,ජලය කියන්නෙ ඉතාම වටිනා සම්පතක්…සහ පහසුවෙන් ලබා ගත නොහැකි දෙයක්…
ඈත අතීතයේ සිටි මිනිසුන් ජලය ලබා ගැණීම සඳහ පොළව කැණීම කලා..ඔවුන් ජලය ලැබෙන තෙක්ම පොලව කැණීම නිසා භූමයේ විශාල කුහර ඇති වුණ..අවසානයේ ජලය ලැබුණත් එය ලබා ගත නොහැකි මට්ටමේ ගැඹුරෙන් යුතු වුණා…
මේ මිනිසුන් මේකට විකල්පයක් ලෙස යොදා ගත්තෙ ලිං පතුලට පඩිපෙල් සැකසීමයි…
මුලින් මුලින් ප්‍රාථමික ලෙස සිදු වුනු මේ කටයුත්ත පසුව ඉතාම අලංකාර ,වටිනා ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ ඇති සහ ඉතිහාසයමය වටිනා කමක් ඇති වෙන විදිහට සිද්ධ වුණා…..
(මුල් යුගයේ පඩි ලිඳක්)
මෙසේ පිහිටුවණු ලැබූ පඩිපෙල් පොකුණු / ලිං වැඩි ප්‍රමාණයක් උතුරු ඉන්දියාවේද සහ යම් ප්‍රමාණයක් දකුණු ඉන්දියාවේද අදත් දක්නට ලැබෙනවා….
උතුරු ඉන්දියවේ ඉදිවුන මේ පොකුණු වලින් වැඩිම ප්‍රමාණයක් තිබෙන්නෙ ඉන්දියාවේ වියලිම ප්‍රාන්තය ලෙස සලකන රාජස්තාන් ප්‍රාන්තයේ….
මීට අමතරව දිල්ලි,ගුජරාටි,මහාරාෂ්ඨ්‍ර,කේරල සහ කර්ණාටක ප්‍රාන්ත වලත් මෙවැනි ලිං තිබෙනවා…
මෙම ලිං පහත ආකාරයෙන් විවිධ භාෂ වලින් උසුරුවනවා…
හින්දි – බාඕලි,බෞඩි/බව්රි
රාජස්තානි – බාවිරි,බාව්ලි,බාවාඩි
ගුජ්රාටි-වාව්,වාවි (මෙය වැව යන්නට සමානයි)
කන්නඩ- කල්‍යාණි,පුෂ්කරණි
මරාති- බාරව්
මුලින්ම මෙවැනි ලිං ඉදිකර ඇත්තේ ඉන්දු නිම්නි ශිෂ්ඨාචාරයේ දියුණු නගර වුන දොලාවිරා සහ මොහෙන්ජො-දාරෝ වල බව ට ඉතිහාසඥයන් සොයාගෙන තිබෙනවා…
මේවා වැඩි වශයෙන් සිලින්ඩරාකාර ඒවායි…
දැනට හොඳ තත්වයෙන් ඉතිරි වී තිබෙන ලිං වලින් මුල්ම ඒවා 4 වන සියවසේ ඉදි වුණ ඒවා බව ඉන්දීය පුරාවිදුවන් පවසනවා…ඒවා වන්නෙ
උපේර්කෝට් ලිඳ- ජුනාඝාඩ්
නවාෂාන් කූවො (කූවා/කුයියා යනු හින්දියෙන් ලිඳ යන්නට යෙදෙන වචනයයි)
ධාන්ක්- රාජ්කෝට් (550-625 ක්‍රි.පූ.)
භින්මාල් භවානි – ගුජ්රාට් (11 වන සියවස)
දැනට ඉතිරිව ඇති අලංකාරම පඩි පොකුණු වන්නේ
අග්‍රාසෙන් බාඔලී – දිල්ලිය (PK සිනමා පටය නරඹා ඇති අයට මෙය මතක තිබිය යුතුයි)
රාජෝකි බාඕලි – දිල්ලිය
චාන්ද් බාව්රි – අභිනේරි/අභා නගර්,ජායිපූර් දවුසා දිස්ත්‍රික්කය,රාජස්තාන්
චර්තනා බරව්- ප්‍රභානි දිස්ත්‍රික්කය ,මහාරාෂ්ඨ්‍ර
රාණි කි වාව්- පඨාන්,ගුජ්රාට්
අදලාජ් නි වාව්-අදලාජ්,ගාන්ධි නගර්,ගුජ්රාට්
දාදා හරීර් – අහ්මදාබාද්,ගුජ්රාට්
ජච්චා කි බාව්රි- හින්දාවුන්,හර්යානා
තූර් ජී කි බාව්රි – ජොද්පූර්,රාජස්තාන්
බ්‍රිකා බාව්රි-ජෝද්පූර්,රාජස්තාන්
ශෂී බාව්ලි-ජෝද්පූර්,රාජස්තාන්
මේවා අතරින් අලංකාරතම,පැරණිම සහ ගැඹුරුතම එක රාජස්තාන් හි “චාන්ද් බාව්රි” ය..
පොලොවෙන් උණන සහ වැස්සෙන් වැටෙන ජලය හැකි සෑම ආකාරයෙන්ම රඳවා ගත හැකි වෙන ආකාරයෙන් මෙය ඊදිකර තිබෙනවා…
මාලිගාවක ආකාරයක් දිස්වෙන මෙය රාජස්තාන් වල ප්‍රෞඩත්වයේ සංකේතයක් ලෙස ඔවුන් සෑම තැනදිම හුවා දක්වනවා…
පොලොව මතුපිට උෂ්ණත්වයට වඩා අංශක 5-6 අඩු උෂ්ණත්වයක් පොකුණු පතුලේ ජලයේ තිබෙනවා…
මෙම “චාන්ද බාව්රි පොකුණ” සිනමා පට තිහිපයකමත් දැක්වෙනවා..ඒ “පහේලි”,භූල් භුලයියා” චාන්ද තාරේ පූල් ශබ්නම් ගීතයේ…
ගෘහ නිර්මාණ ලක්ෂණ සහ අලංකාරත්වය අතින් මේ පොකුණු හින්දු කෝවිල් සහ මාලිගා ලකෂණ පෙන්නුම කරනවා….අතීතයේ මාලිගා උයන්් වල අලංකාරත්වය වෙනුවෙනුත් මෙවැනි පොකුණු ඉදිකර තිබෙනවා..
ලංකාවේ අනුරාධපුරයේ කුට්ටම් පොකුණත් පොළොන්නරුවේ නෙළුම් පොකුණත් යම්තාක් දුරට මෙවන් ලක්ෂණ පෙන්නුම් කරනවා…අභය ගිරි ආරාම සංකීර්ණයේ සිලින්ඩරාකාරව තැනූ පඩි පෙල් ලිං කිහිපයක් අදටත් ඉතිරි වී තිබෙනවා…
අතීත මිනිසුන් මෙවැනි දේ ඉතිරි කර තැබුවත් වර්තමානයේ එවැනි දේ සිදුවන බවක් නම් වාරතා වෙන්නෙ නෑ….
No comments:
Post a Comment